බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ නොසන්සුන්තාවයක් ඇති කළ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.
ඊයේ (16) සවස බන්ධනාගාරයේ D කොටසේ වහලය මතට නැග බන්ධනාගාර පරිපාලනයට එරෙහිව රැඳවියන් පිරිසක් විරෝධතාවයක නිරත වූහ. සිද්ධිය අතරතුර බන්ධනාගාර දේපළවලට ද හානි සිදුවී තිබිණි.
බන්ධනාගාර නිලධාරීන්ගේ උපක්‍රමික මැදිහත්වීමෙන් පසුව, පොලිසියේ සහාය ඇතිව තත්ත්වය පාලනය කරගැනීමට හැකි වූයේය.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කර ඇත්තේ අදාළ රැඳවියන් තවදුරටත් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා නොගන්නා බවය. එබැවින් ඔවුන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට කටයුතු යොදා ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව බන්ධනාගාර දේපළවලට සිදු වූ හානිය තක්සේරු කිරීම අද සිදු කිරිමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.







