සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එරෙහිවුන මිත්‍ර පාක්ෂික රටවල් 08කට තීරු බදු පනවයි.. ග්‍රීන්ලන්තය මිලදී ගැනීම හෙවත් වියරු මහල්ලෙකුගේ බල තන්හාවේ නිරුවත…

by editor
ජනවාරි 18, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

ප්‍රශ්නය තමන්ට එනතුරු උත්තර දාර්ශනිකය. මනෝ විකෘතික බලසම්පන්න මහල්ලෙක් ඉරානයට බලහත්කාරය යොදවනවිට, ගාසාවේ සමූල ඝාතන සඳහා අනුබල දෙන විට, වෙනිසියුලාවේ මහජන ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයා හමුදා ප්‍රහාරයකින් පසු පැහැරගෙන එන විට ඔහු අනුමත කළ යුරෝපා සංගමයේ සහ නේටෝවේ සාමාජික නායකයින් දැන් විකල් වී සිටිති. පුහුලට තබන්නේත් ලබ්බට තැබූ අතම බව තේරුම් ගැනීමට ප්‍රශ්නය තමන්ගේ එළිපත්තට පැමිණෙන තුරු සිටින්නට සිදුවීම එක් අතකට දෛවයේ සරදමක් බව කිව යුතුය. 

එක්සත් ජනපදයට ග්‍රීන්ලන්තය (Greenland) මිලදී ගැනීමට අවසර දෙන තෙක් යුරෝපීය මිත්‍ර රටවල් මත ඉහළ  තීරුබදු   ක්‍රියාත්මක කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා සපථ කළේය.  ඒ යුරෝපා ජාතීන්  කම්පනයට පත් කරමිනි. මේ ප්‍රකාශය තුළ ලෝකයේ බොහෝ ප්‍රබල ජාතීන්ගේ වගාඩම්බරයට අනපේක්ෂිත පහරක් එල්ල වූයේය. ඔවුන් හඳුන්වාදෙන ශිෂ්ඨාචාරයේ ප්‍රමිතිය ඔවුන් ඉදිරියේම හෑල්ලු වෙමින් තිබිණි.

ට්‍රම්ප් ඔහුගේ ‘Truth Social’ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, ග්‍රීන්ලන්තය මිලදී ගැනීමේ තමාගේ උත්සාහයට එරෙහිවන රටවල් සඳහා පෙබරවාරි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි තවත් 10% ක අමතර ආනයන තීරුබදු   පනවන බවය. ඒ දැනටමත් පනවා ඇති තීරු බදුවලට අමතරවය.   ඒ අනුව  මෙම තීරුබදු පනවනු ලබන්නේ පහත දැක්වෙන රටවල් වෙතය.

  • ඩෙන්මාර්කය
  • නෝර්වේ
  • ස්වීඩනය
  • ප්‍රංශය
  • ජර්මනිය
  • නෙදර්ලන්ත
  • ෆින්ලන්තය
  • මහා බ්‍රිතාන්‍යය

තීරුබදු ඉහළ යාම සහ කොන්දේසි

ග්‍රීන්ලන්තය මිලදී ගැනීම සඳහා ඇමරිකාවේ උත්සාහයට එරෙහිවන රටවල්  ඇමරිකාවට ආනය කරන භාණ්ඩ සඳහා   පෙබරවාරි මස 01 වැනිදා පැනවූ අමතර 10%  තීරු බද්ද   ජුනි 1 වනදා සිට 25% දක්වා ඉහළ නංවන බව ට්‍රම්ප් ප්‍රකාශ කළේය. ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තයේ අයිතිය ලබා ගැනීම අඩු වෙනත් කිසිවකට තමා එකඟ නොවන බව ද ට්‍රම්ප් අවධාරණය කළේය.

කෙසේ වෙතත්, ඩෙන්මාර්කයේ සහ ග්‍රීන්ලන්තයේ නායකයින් දිගින් දිගටම අවධාරණය කළේ  මෙම දූපත විකිණීමට නොමැති බවත්, ඔවුන් එක්සත් ජනපදයේ කොටසක් වීමට අකමැති බවත්ය. ‘Reuters/Ipsos’ මගින් කරන ලද නවතම ජනමත සමීක්ෂණයකට අනුව, ඇමරිකානු වැසියන්ගෙන් 20% කටත් වඩා අඩු පිරිසක් පමණක් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට සහාය දක්වන බවය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

trump

ආරක්ෂාව සහ ඛනිජ සම්පත්

ග්‍රීන්ලන්තයේ උපායමාර්ගික පිහිටීම සහ එහි ඇති විශාල ඛනිජ නිධි හේතුවෙන් එය එක්සත් ජනපදයේ ආරක්ෂාවට අත්‍යවශ්‍ය බව ට්‍රම්ප් පවසයි. අවශ්‍ය වුවහොත් එය ලබා ගැනීමට යුධ බලය යොදා ගැනීම පවා ඔහු ප්‍රතික්ෂේප කර නැත. මීට ප්‍රතිචාර වශයෙන් යුරෝපා රටවල් ඩෙන්මාර්කයේ ඉල්ලීම මත පසුගිය සතියේ ග්‍රීන්ලන්තය වෙත හමුදා කණ්ඩායම් පිටත් කර යැව්වේය.

“මෙම රටවල් ඉතා භයානක සූදුවක නිරත වනවා. ඔවුන් ඇති කර ඇති අවදානම් සහගත තත්ත්වය තවදුරටත් ඉවසිය නොහැකියි,” යනුවෙන් ට්‍රම්ප් ලියා තැබුවේය.

මේ අතර ඩෙන්මාර්කයේ සහ ග්‍රීන්ලන්තයේ විරෝධතාකරුවන් සෙනසුරාදා ට්‍රම්ප්ගේ ඉල්ලීම්වලට එරෙහිව විරෝධතා දැක්වූහ. එම භූමිය තමන්ගේම අනාගතය තීරණය කිරීමට ඉතිරි කරන ලෙස මේ පිරිස්  ඉල්ලා සිටියහ.

ජාත්‍යන්තර ප්‍රතිචාර

බ්‍රිතාන්‍යය අගමැති කීර් ස්ටාර්මර් (Keir Starmer) පැවසුවේ නේටෝ (NATO) මිත්‍ර රටවල් මත මෙලෙස තීරුබදු පනවා බලපෑම් කිරීම සම්පූර්ණයෙන්ම වැරදි බවය. ඩෙන්මාර්ක් විදේශ අමාත්‍ය ලාස් ලොක්කේ රස්මුසන් (Lars Lokke Rasmussen)   ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය තමන්ට පුදුමයක් බව දන්වා සිටියේය.

නෝර්වේ, ස්වීඩනය, ප්‍රංශය සහ ජර්මනියේ නිලධාරීන් සෙනසුරාදා ඩෙන්මාර්කයට සහයෝගය නැවත අවධාරණය කළහ.  තීරුබදු ග්‍රීන්ලන්ත සාකච්ඡාවල කොටසක් නොවිය යුතු බව ඔවුහු  පැවසූහ.

මේ අතර යුරෝපා සංගමයේ නායකත්වය දරන සයිප්‍රසය (Cyprus) විසින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යුරෝපා සංගමයේ රටවල් 27 ක තානාපතිවරුන්ගේ හදිසි රැස්වීමක් කැඳවාවූයේය.  මෙම තීරණය ගනු ලැබුවේ   ට්‍රම්ප් විසින් ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් කිහිපයකට එරෙහිව පනවා ඇති 10% සිට 25% දක්වා වන තීරුබදු ඉහළ නැංවීමේ තර්ජනය සහ එයින් යුරෝපා ආර්ථිකයට වන බලපෑමත් ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය සාකච්ඡා කිරීම සඳහාය.

2026 වසරේ මුල් මාස හය සඳහා යුරෝපා සංගමයේ සභාපතිත්වය (Council of the EU Presidency) දරන්නේ සයිප්‍රසයයි. එබැවින් මෙවැනි හදිසි තත්වයකදී සාමූහික තීරණයක් ගැනීම සඳහා රැස්වීම් කැඳවීමේ බලය ඔවුන් සතු වේ. කැඳවිම අනුව යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 ම නියෝජනය කරමින් ‘COREPER’ (ස්ථාවර නියෝජිතයින්ගේ කමිටුව) මට්ටමේ තානාපතිවරුන් මෙයට සහභාගී වීමට නියමිතය.

ට්‍රම්ප්ගේ තීරුබදු පියවරට එරෙහිව යුරෝපා සංගමය එක්ව ක්‍රියා කරන ආකාරය සහ අවශ්‍ය වුවහොත් ඇමරිකානු භාණ්ඩ මත ප්‍රති-තීරුබදු (Counter-tariffs) පැනවීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරේ.

මෙම රැස්වීමේ ප්‍රතිඵලයක් ලෙස හෙට (සඳුදා) වන විට යුරෝපා සංගමය විසින් නිල ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ට්‍රම්ප්ගේ තර්කය –

මේ පමණ වියවුලක් සහිතව ග්‍රීන්ලන්තය අත් කරගැනීමට ට්‍රම්ප් ඉදිරිපත් කරන  තර්කය වී ඇත්තේ  චීන සහ රුසියානු ආක්‍රමණවලින් එක්සත් ජනපදයට වැළකීම සඳහා  ග්‍රින්ලන්තයේ හිමිකම එක්සත් ජනපදයට අත්‍යාවශ්‍ය බවය.  එහෙත් ග්‍රීන්ලන්තය දැනටමත් නේටෝවේ සාමුහික ගිවිසුමෙන් ආරක්ෂා වී ඇති බව ඩෙන්මාර්කය සහ අනෙකුත් යුරෝපීය රටවල් විසින් පෙන්වා දී ඇත.  එක්සත් ජනපද හමුදා කඳවුරක් වන පිටිෆික් අභ්‍යවකාශ කඳවුර දැනටමත් ග්‍රීන්ලන්තයේ පිහිටා තිබේ.  එහි කාර්ය මණ්ඩලය 200 ක් පමණ වෙති.  එමෙන්ම 1951 ගිවිසුමක් මගින් ඩෙන්මාර්ක භූමිය තුළ එක්සත් ජනපදයට අවශ්‍ය තරම් හමුදාවන් යෙදවීමට ඉඩ සලසා තිබේ.

මේ තත්ත්වය තුළ බොහෝ යුරෝපීය නිලධාරීන් නිගමනය කර ඇත්තේ ට්‍රම්ප්ට ඇත්තේ  ආරක්ෂක ගැටලුවලට වඩා එක්සත් ජනපද භූමිය පුළුල් කිරීමේ  නිම නොවන ආශාව බවය.

නේටෝව අර්බුදයක

මෙම අර්බුදය නිසා නේටෝ මිත්‍ර රටවල් අතර ඇති වන බෙදීමෙන් රුසියාව සහ චීනය වාසි ලබා ගන්නා බව යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කාජා කලාස් (Kaja Kallas)     ට්‍රම්ප්ගේ තර්ජනයට ප්‍රතිචාර වශයෙන් X හි ප්‍රකාශ කර ඇත.

“මෙම මාවතේ දිගටම ගමන් කිරීම ඇමරිකාවට නරකයි, ඇමරිකානු ව්‍යාපාරවලට නරකයි සහ ඇමරිකාවේ මිත්‍ර පාක්ෂිකයින්ට නරකයි,”  සෙනෙට් සභාවේ   නේටෝ නිරීක්ෂක කණ්ඩායමේ ද්විපාර්ශ්වික සම සභාපතිවරුන් වන ජීන් ෂහීන් සහ තොම් ටිලිස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියහ.

පොදුවේ ගත් කළ ට්‍රම්ප්ගේ ගෝත්‍රික ප්‍රයත්නය නූතන ලෝකයට නොගැලපෙන බව ලෝකයම එක් පසෙක ඉඳගෙන ප්‍රකාශ කරමින් ඇත. ඇමරිකානු ජනතාවගෙන් සියයට 80ක් මේ ප්‍රයත්නයේ දී ට්‍රම්ප් සමග නැත. මේ මනෝ විකෘතික මහල්ලා ලෝකයට අත් කර දිය හැකි ව්‍යසනය සම්බන්ධව මේ වනවිට ලෝකයම ඉන්නේ තිගැස්මෙන් බව කිව යුතුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නන්දන ගුණතිලක දිවියෙන් සමු ගනී…

Next Post

ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සාමාජිකයන් පත් කිරීමේ දී හරිනි – සජිත් ගැටෙති… මේ සතියේ සාකච්ඡා ඇනහිටී…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.