දියසේන රතුගමගේ –
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වවුනියාව සංචාරයට විරෝධය දක්වමින් වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීහු අද(19) විරෝධතාවක නිරත වූහ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමෙන් අනතුරුව උතුරු පළාතේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය විය.
වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට සංවිධානය කර තිබූ එම විරෝධතාවය අතර යුද සමයේ අතුරුදහන්වූවන් සොයාගැනීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩලබාදෙන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.

ජනාධිපතිවරයා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා පැමිණ සිටි අතර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් කළු කොඩි ඔසවමින් හා අතුරුදහන්වූවන්ගේ ඡායාරූප පෙන්වමින් පවසා සිටියේ තමන්ගේ ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසය.
අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් ජනාධිපතිවරයා පැමිණෙන මාර්ගය අසල විරෝධතාවය පැවැත්වීමට සැලසුම් කොට තිබිණි.
එහෙත් වවුනියාව පොලිස් නිලධාරීන් විසින් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමඟ දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් හටගත්තේය.
පොලිසිය විසින් වවුනියාව කාන්තා පොලිස් නිලධාරිනියන් ගෙන්වා විරෝධතාකරුවන් එක්තැනකට රැස්කොට ඔවුන්නට හඬනැගීමට නොහැකිවන සේ රැකවල් යොදා බාධා කරමින් විරෝධතාකරුවන් මෙල්ල කිරීමට කටයුතු කළ අයුරු දැකගත හැකිවිය.







