සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියලු දෙනාටම පිළිගත හැකි විසඳුමක් උතුරට ලබා දීමට කටයුතු කරනවා – ජනපති පොරොන්දු වෙයි!

by editor
නොවැම්බර් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

උතුරේ ප්‍රශ්නයට විසඳුම් ලබා දීමේ දී සිංහල දෙමළ මුස්ලිම් යන සියලුම ජනතාව ඒකරාශී කරගනිමින් එම විසඳුම් ලබාදීමට තමන් සූදානම් බවත් 75වන නිදහස් දින උළෙලේදීවත් මෙරට සියලු ජනතාවට එක මවකගේ දරුවන් ලෙස ජීවත්වීමට හැකිවේවායි තමා ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක කෙරෙන උතුරු පළාත් සංවර්ධන විශේෂ ඒකක උප කාර්යාලය වවුනියාවේ දී අද (19) විවෘත කරමිනි.

බොහෝ කලක් උතුරේ මෙන්ම දකුණේ ජනතාව ද විවිධ හේතූන් මත දුක් විඳී බවත්  ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට කඩිනමින් කටයුතු කරන බවත්  ජනාධිපතිවරයා පැවසීය.‍

වවුනියා දිස්ත්‍රික්කයේ රජයේ සේවක නිවාස යෝජනා ක්‍රමයේ නිවාසලාභීන් 120 දෙනෙකුට නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය යටතේ සංකේතාත්මකව 30 දෙනෙකු වෙත හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම සහ උතුරේ පැවති යුද ගැටුම් හේතුවෙන් දේපළ අලාභ හානි සඳහා වන්දි හිමිකම් හිමි 96දෙනෙකු වෙනුවෙන් මුදල් පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

වවුනියාව දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා පොහොර බෙදාදීම සංකේතවත් කරමින් ගොවීන් කිහිප දෙනෙකුට පොහොර බෙදාදීම ද සංකේතාත්මකව සිදු විය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

මේ කාර්යාලයේ ඉඳන් උතුරේ ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. කාදර් මස්තාන් ඇමතිවරයා   කිව්වා  හැමදේම යාපනයට විතරයි ලබා දෙන්නේ කියලා. ඔන්න දැන් වව්නියාවේත් කාර්යාලයක් විවෘත ක‍රල තියෙනවා. ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු මෙම කටයුතු සඳහා සම්බන්ධ වනවා. අමාත්‍යංශවල නිලධාරීනුත් මෙම කාර්යාලයට ඇවිල්ලා උතුරේ ජනතාවගේ  ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට කටයුතු කරයි කියල  මම විශ්වාස කරනවා. සියලුම ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීය යුතුයි .

ත්‍රස්තවාදයෙන් ඇති වූ ප්‍රශ්න සහ උතුරු ජනතාවට තිබෙන ප්‍රශ්නවලට අපි විසඳුම් ලබා දිය යුතුයි . ඒ වගේම මුස්ලිම් ජනතාවට ශ්‍රී ලංකා සමාජයේ තමන්ට තිබෙන අයිතිය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. කඳුකරේ ජනතාවටත් විවිධ ප්‍රශ්න තිබෙනවා. මෙම ප්‍රශ්න සියල්ල විසඳන්න ඕනේ කියලා සමාජ මතයක් තියෙනවා.

ඒ නිසා මේ සියලු ගැටලුවලට විසඳුම් ලබා දෙන්න මේ හොඳම කාලයයි. මෙම ප්‍රශ්නවලට ක්‍රමානුකූලව විසඳුම් ලබාදිය යුතුයි. මේ ගැන සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සමග සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. රට බෙදන්නේ නැතුව ප්‍රශ්නවලට විසඳුම් දෙන්න මම බලාපොරොත්තු වෙනවා.

පළමුව ජනතාවට තිබෙන සැකය දුරු කළ යුතුයි.  අපි සියලුදෙනා එක්ව වැඩ කිරීමේදී එම සැකය දුරු වී යාවී.  යුද්ධය නිසා දුක් වින්ද  ජනතාවට සැනසුමක් ලැබේවි. 83 ඉඳන් අපි ලොකු දුරක් ඇවිල්ල තිබෙනව.  ඒ වගේම 2009 සිට ලොකු දුරක් ඇවිල්ලා තිබෙනව.  මට ජාතික ගීයේ වචන පෙළක් මතක් වුණා. ඒ “එක මවකගේ දරුවන් ලෙස ජීවත් වීම” යන්නයි. 75 වන   නිදහස් උළෙලේදීවත් එක මවකගේ දරුවන් ලෙස   ජීවත් වෙන්න හැකි වේවායි මම ප්‍රාර්ථනා කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වව්නියාවේ දී ජනපතිට විරෝධය!

Next Post

ජල ගාස්තු යළිත්  තුන් ගුණයකින් වැඩි කිරීමට යෝජනාවක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.