සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වයඹින් දුන්න උත්තරේ… පාසල් 608යි.. 598ක් සම්පූර්ණයෙන් වහලා… රටේම පාසල් සීයයට 98ක් වැහිලා…

කොල්ලුරේ.... ආණ්ඩුකාරකම ළමයෙකුට දී ගෙදර යන්න... ගුරු සංගම් කියයි....

by editor
ඔක්තෝබර් 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වයඹ පළාත් මහ ඇමති නීතිඥ රාජා කොල්ලුරේට සිය නීතිඥකම හා ආණ්ඩුකාරකම ළමයෙකුට දී ඉවත්වන ලෙස ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ අද (21)  පැවසුවේය.

අද පාසලට වාර්තා නොකරන ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් වැටුප නවත්වන බවට ඔහු කළ ප්‍රකාශයට ගුරු විදුහල්පති වරු දී ඇති පිළිතුර තේරුම් ගන්නේ නම් ඔහුට තවදුරටත් ආණ්ඩුකාර ධූරයේ රැඳී සිටිය නොහැකි බව ද ඔහු කීවේය.

ලේකම්වරයා මෙසේ ද පැවසීය.

“ වයඹ   පළාතේ සිසුන් 200 අඩු  පාසල් තිබෙන්නෙ 608යි. අද ඒ පාසල් 608න්  598ක්  සම්පූර්ණයෙන් වැහුණා. වයඹින් තමයි මේ ඔලමොට්ටල පාලකයින්ට ඉතාම ප්‍රබල පිළිතුර ලැබුණෙ.“

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“අද රටපුරා දිස්ත්‍රික්කවල සියයට 98ක්ම පාසල් වහලා දාලා. ගුරු විදුහල්පතිවරු ඇවිත් නෑ. හැටන් කලාපයේ විවෘත කරන්න නියමිතව තිබුණෙ පාසල් 74යි. ඉන් 15ක් විදුහල්පතිවරු විතරක් සේවයට වාර්තා කළා. අනික් අය ඇවිත් නෑ. හැටන් සිංහල මාධ්‍ය පාසල්වල ගුරුවරු 08යි ඇවිත් තිබෙන්නේ. ළමයි 13යි.“

“මහනුවර පාසල් 304යි. 304ම අසාර්ථකයි. 10ක පමණක් විදුහල්පතිවරු විතරක් ඇවිත් තිබුණා. මාතර 144න් 34ක් අසාර්ථක ලෙස පවත්වාගෙන යන්න උත්සාහ කරලා තියනවා. පාසල් 110ක් වහලා. 144ම අසාර්ථකයි. උතුරු පලාතේ සියයට 80කට වඩා  පාසල් වහලා. නැගෙනහිර සියයට 90ක් පාසල් වහලා. පොලොන්නරුවෙ පාසල් 129ම වසා දමා තිබෙනවා.“

“රට පුරාම තත්වය මේක. අද තමයි ගුරු විදුහල්පතිවරු ඇත්ත වැඩවර්ජන පටන් ගත්තේ. මේ අරගල කළ දින 102ක පාසල් වහලා දාලා තිබුණේ. අද තමයි පාසල් ඇරිය දවස. පළමු දිනයේම අපි අපේ ශක්තිය බලය පෙන්නුවා.  දැන්වත් මේක තේරුම් ගන්න.“

“කුට්ටිආරච්චි ජෝෂප් සහෝදරයා ගෝල්ෆේස් එකට ගෙනත් උල තියනවා කිව්වා.  ඔහුට උලක ඉඳගන්න වෙලා.  සරත් වීරසේකරට මේ රටේ පොලිසිය භාර ඇමතිවරයා. ඔහු  කියනවා ඉබි යතුරු කඩලා එන්නලු ඉස්කෝලවලට. මේක ද නීතිය. මේක පොදු දේපල විනාශ කිරීමක් නෙමෙයි ද?  . ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට,  මහින්දට අගමැතිවරයාට,    මේ රටේ අබැටක් හෝ මොළය තියන අයට අපි කියනවා මුලින්ම මේ ගොං කතා කියන   සරත් වීරසේකරගෙ කටට ඉබි යතුරු දාන්න කියලා. මෙයාගෙ ගොං පාට් වලට ගුරු විදුහල්පතිව වරුන් ගණන් ගන්නෙ නෑ කියන දේ අද අපි පෙන්නුවා.  ඒ අතරෙ රෝහිත උන්නැහැ කියනවා හැට දායක් උපාධිධාරීන් ඉන්නවා. ඒ අයට ගුරු පත්වීම් දෙනවලු.  මේ වගේ කතා කියලා රටට විහිලු සපයන්න එපා.    කෝච්චියෙ වැඩේ කරගෙන හිටියනම් ඔය ජාතියෙ කතා කියලා තමුන්නාසෙට ඇනගන්න වෙන්නෙ නෑ. “

“ දැන් ආණ්ඩුව මේක තේරුම් ගන්න අවශ්‍යයයි කියලා අපි විශ්වාස කරනවා.  කවදාවත් නැති තරම් ප්‍රබල විදිහට අපි අපේ පණිවිඩය දීලා තියනවා.  රටේ දෙමව්පියන්ට අපි ගෞරව කරනවා. මේ රටේ දෙමව්පියො විශ්වාස කරන්නෙ ගුරුවරයා. විදුහල්පතිවරයා. එහෙම නැතිව ප්‍රාදේශීය සභාවෙන් මෙතෙන් ගෙනත් දාන පුද්ගලයෙක් හෝ පොලිසියෙන් ගෙන්වා ගත් පුද්ගලයෙක්  නොවෙයි. ඔවුන් තමන්ගෙ දරුවන්ව ඒ කණ්ඩායමට භාර දෙන්න සූදානම් නෑ. “

“අද අරගලය මේ රටේ පාලකයින්ට පාඩම් රැසක් කියා දුන්නු අරගලයක්.  මේක කෙළවර වන්නෙ ජයග්‍රහණයෙන් කියන  පණිවිඩය  අපි දීලා තියනවා.   මේ ඉල්ලීම ගැන නැවත සලකා බලන්න. සුබෝධනී වාර්තාව මත පදනම්ව මේ ප්‍රශ්නය විසඳන්න. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව යළි ඇරඹේ

Next Post

කොවිඩ් මරණ 19ක්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.