බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වතු කම්කරුවන් කුඩා තේවතු හිමියන්ගේ තත්ත්වයට ගෙන ඒමේ සාකච්ඡාව ඇරඹුනා… ජනපති කියයි!

by editor
පෙබරවාරි 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

වතු කම්කරුවන්ට වතුකරයේ තිබෙන ගිවිසුම අනුව ක්‍රියා කර  ඉඩම් කොටසක් භාරදී සුළු තේ වතු හිමියන් හා සමාන තත්ත්වයකට පත කිරීම සඳහා වු  සාකච්ඡා මේ වනවිට දියත් වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය.

ජනාධිපතිවරයා පැවසුවේ මේ වැඩපිළවෙළ සියලුම දේශපාලකයින් සමග සාකච්ඡා කරමින් දියත් කරන පුළුල් එකක් බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වතුකරයේ කම්කරු ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ‘භාරත්-ලංකා’ නිවාස ව්‍යාපෘතියේ සිවුවන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (19) ජනාධිපති කාර්යාලයේ සිට මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේද පැවසීය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කඳුකර දමිළ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් ගතවන අවස්ථාවේ ඉන්දියානු රජය විසින් මෙම නිවාස ව්‍යාපෘතිය ලබා දී තිබෙනවා. ඒ පිළිබඳ මම ඉන්දියානු රජයට නැවත ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දුන් කඳුකරයේ දමිළ ජනතාවට විශාල අඩුපාඩුවක් වූයේ තමන්ගේ නමට ඉඩමක් සහ නිවසක් නොමැතිවීමයි.

ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම් සියල්ල අද තහවුරු වී තිබෙනවා. නමුත් ආර්ථික හා සමාජ අයිතිවාසිකම් ලබාදිය යුතුව තිබෙනවා. එම ක්‍රියාවලිය  තමයි අද රජය  මේ ආරම්භ කර තිබෙන්නේ. එම නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් ලබා ගැනීමට වතු සමාගම් සමඟ අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. ඒ අනුව අදාළ නිවාස වැඩසටහන් ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරනවා.

ඒ වගේම වතුකරයේ අධ්‍යාපනය දියුණු කිරීම කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. වතුකරයේ අධ්‍යාපනය අනෙකුත් පළාත්වල අධ්‍යාපනය සමඟ සංසන්දනය කරනවිට අඩු මට්ටමක පවතිනවා. එබැවින් මේ සියලු පාසල්වල එක සමාන අධ්‍යාපන තත්ත්වයක් ඇති කළ යුතුයි.

ඒ වගේම කඳුකරයේ සියලු ජනතාව වතුකරයට ඇතුළු වෙන්නේ නැහැ. අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය, වෘත්තීය පුහුණුව ලබා ගැනීම විශේෂයෙන් විදේශ රැකියා සඳහා අවශ්‍ය පුහුණුවීම් ලබා ගැනීම වැනි පහසුකම් මෙම තරුණ තරුණියන් වෙනුවෙන් ද සලසාදිය යුතුයි.

වතුකරයේ සේවකයන් ලෙස කටයුතු කරනවාද, නැත්නම් වතුකරයේ තිබෙන ගිවිසුම අනුව ඉඩම් කොටසක් භාරදී සුළු තේ වතු හිමියන් හා සමාන තත්ත්වයකට එම ජනතාව ගෙන එනවාද යන්න පිළිබඳ අප මේ වන විට සාකච්ඡා කරගෙන යනවා.

මෙහි සිටින සියලු දේශපාලන නියෝජිතයන් එක් කර ගනිමින් පක්ෂ භේදයකින් තොරව මේ පිළිබඳ යෝජනා ඉදිරි මාසයේ දී ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මේ ප්‍රශ්නවලට එකින් එක විසඳුම් ලබාදීමට රජය කටයුතු කරනවා. උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න විසඳීම පිළිබඳ අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සමඟම කඳුකරයේ ද්‍රවිඩ ජනතාවගේ සහ මුස්ලිම් ජනතාවගේත් ප්‍රශ්නවලට විසඳුම් ලබාදී රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ ගමනට අප සූදානම් විය යුතුයි.

රට පත්ව තිබු අවාසනාවන්ත තත්ත්වය හමුවේ අප කාලයක් දුක් වින්දා. නමුත් අද අපට බංකොලොත්භාවයෙන් නිදහස් වී යළි ආර්ථික කටයුතු ආරම්භ කිරීමට හැකි වී තිබෙනවා. මම භාරගත්තේ ආහාර නැති, ඉන්ධන නැති රටක්. අද ආහාර, ඉන්ධන තිබෙනවා. නමුත් ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන විට බදු බර වැනි ප්‍රශ්න තිබෙනවා. නමුත් එම බර  හැමදාම තිබෙන්නේ නැහැ. තව මාස කිහිපයක් යනවිට ජනතාවට සහන ලැබෙනවා.

පසුගිය ආර්ථික අර්බුදයෙන් අපට ඉදිරියට යාමට හැකියාව ලැබුණේ ඉන්දියාවෙන් ලබාදුන් මුදල් නිසා බවද සිහිපත් කළ යුතුයි. ඒ මුදල් ටික නොලැබුණා නම් අපට ඉදිරියට යාමට අපහසු වෙනවා.

ඒ වගේම ඉන්දියාව සමඟ තිබෙන ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට අප දැන් කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ඉන්දියාවේ ආර්ථිකය සීග්‍රයෙන් දියුණුවන අවස්ථාවක්. එවැනි අවස්ථාවක අප රටවල් දෙක අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීමට අවධානය යොමු කරමින් මෝදි අගමැතිතුමා හමු වූ අවස්ථාවේ දී අප ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළා.

මෙම වැඩසටහන ආරම්භ කිරීමට සහය දුන් ඉන්දීය රජයට නැවත මාගේ ස්තුතිය පළ කර සිටිනවා.

‘භාරත්-ලංකා’ නිවාස ව්‍යාපෘතියේ සිවුවන අදියර යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක වතු 45ක ඉදිකිරීමට නියමිත නිවාස 1300ක් සඳහා මුල් ගල් ලැබීම සනිටුහන් කරමින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා   විසින් සිදු කරනු ලැබූහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අතර හමුවක්!

Next Post

 මාතර මහ රෝහලට ගුවන් මගින් ගෙන්වු කෝටි 14ක සීටී ස්කෑන් යන්ත්‍රය මාස දෙකක් තිස්සේ නිදහස් කර නොගෙන ගුදම්වල… ගුදම් ගාස්තු ලක්ෂ 20  පැනලා….

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.