බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වට්ස්ඇප්,  වයිබර්, ටෙලිග්‍රෑම් හරහා දරුවන්ගේ සිලබස් කවර් කිරීම ඇතුළුව නියාමන රැසක් ඇතුළත් සමාජ මධ්‍ය නියාමන චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරයි.. .

by editor
නොවැම්බර් 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පාසල් දරුවන් ගේ අධ්‍යාපන හා සන්නිවේදන කටයුතු සඳහා සමාජ මාධ්‍ය සමූහ මගින් සිදුවන ඍණාත්මක හානි අවම කරගැනීම ඉලක්ක කරගෙන එම සමාජ මධ්‍ය භාවිතය නියාමනය විය යුතු ආකාරය නිර්දේශ කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

පාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනය සඳහා “සමාජ සන්නිවේදන යෙදවුම් ” භාවිත කිරීමේ දී පාසල් ප්‍රධානීන්වන විදුහල්පති/ නියෝජ්‍ය විදුහල්පති/ සහකාර විදුහල්පති/ අංශ ප්‍රධාන ගුරුවරුන් අදාළ සන්නිවේදන සමුහයේ (Whatsapp වැනි) පරිපාලක (Admin) ලෙස කටයුතු කරමින් නිරන්තර අධික්ෂණය හා නියාමනය යටතේ ගුණාත්මක වෙමින් සන්නිවේදන සමූහය පවත්වාගෙන යා යුතු බවත්, අවිධිමත් ලෙස පාසල් ප්‍රජාව හා ගුරුවරුන් සම්බන්ධ කර ගනිමින් පවත්වා ගෙන යනු ලබන සන්නිවේදන යෙදවුම් සමූහ මඟින් පාසලේ කීර්තිනාමයට හෝ පාසල් ප්‍රජාවට සහ සිසු දරුවන්ට ඕනෑම හානියක දී රටේ පවතින පොදු නීතිය සහ තොරතුරු සන්නිවේදන පනත අනුව එම සමූහ පරිපාලනය කරන තැනැත්න්ට නීතිමය පියවර ගනු ලබන බවත් එම චක්‍රලේඛය හරහා අධ්‍යාපන ලේකම්වරිය අවධාරණය කර තිබේ.

සිසුන් විසින් නිවසේ දී සිදු කළ යුතු අභ්‍යාස හා පැවරුම ආදිය සිසුන්ට ලබා දීම පාසල් පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අතරතුර පැහැදිලි කිරීමෙන් පමණක් සිදුකළ යුතු බවත්,  දෙමාපියන් සහ පවුලේ අනෙක් සාමාජිකයින්ද අපහසුතාවයට පත් කරමින් ඉහත සන්නිවේදන යෙදවුම් මේ සඳහා යොදා නොගත යුතු බවත් අධ්‍යාපන ලේකම්වරිය මෙම චක්‍රලේඛය හරහා පාසල් පරිපාලනයට තරයේ අවධාරණය කර ඇත. එමෙන්ම විෂය නිර්දේශ ආවරණය සමාජ මාධ්‍ය සමූහ හරහා සිදුකිරීම ද මෙම චක්‍රලේඛය හරහා වළක්වා තිබේ.

අදාල චක්‍රලේඛය පහත දැක්වේ.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

පාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනය සඳහා “සමාජ සන්නිවේදන යෙදවුම් ” භාවිත කිරීම

කොවිඩ 19 වසංගත තත්ත්වය හමුවේ පාසල් සිසුන්ට අතපසු වූ අධ්‍යාපන අවස්ථා ආවරණය කිරීමට Dodඇප් (Whatsapp), වයිබර් (Viber), ටෙලිග්‍රෑම් (Telegram) වැනි සමාජ සන්නිවේදන යෙදවුම් භාවිතා කරමින් පාසල් පද්ධතියෙහි සන්නිවේදන කටයුතු සිදු කරන ලදී. මේ වන විටත් පාසල් පද්ධතිය තුළ එම සන්නිවේදන යෙදවුම් ඔසේ සිසුන් සහ දෙමාපියන් වෙත අතිරේක ඉගෙනුම් ආධාරක ලබා දීම, විෂය සටහන් හුවමාරුව, සන්නිවේදනය යනාදී කාර්යයන් ක්‍රියාත්මක වේ.

02. පාසල් අධ්‍යාපන කටයුතු සදහා ඉහත සමාජ සන්නිවේදන යෙදවුම් භාවිත කිරීම හේතුවෙන් සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව මෙම අමාත්‍යාංශයට තොරතුරු වාර්තා වෙමින් පවතී. එබැවින් සන්නිවේදන යෙදවුම් භාවිතයේ දී පහත උපදෙස් පරිදි කටයුතු කරන ලෙස සියලුම ගුරුවරුන් හා අදාළ පාර්ශ්වයන් දැනුවත් කරන ලෙස අවධාරණය කරමි.

1. පාසල් ප්‍රධානීන් නියෝජ්‍ය විදුහල්පති/ සහකාර විදුහල්පති/ අංශ ප්‍රධාන ගුරුවරුන් අදාළ සන්නිවේදන සමුහයේ (Whatsapp වැනි) පරිපාලක (Admin) ලෙස කටයුතු කරමින් නිරන්තර අධික්ෂණය හා නියාමනය යටතේ ගුණාත්මක වෙමින් සන්නිවේදන සමූහය පවත්වාගෙන යා යුතුය.

11. අධ්‍යාපන කටයුතු සඳහා වෙන්කර ඇති පාසල් කාලය උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සජිවීව සිදු කිරීමෙන් විෂය නිර්දේශය ආවරණය කිරීමට කටයුතු කළ යුතු අතර විෂය නිර්දේශ ආවරණය සඳහා සන්නිවේදන සමුහ භාවිතයෙන් වැළකිය යුතුය. අධ්‍යාපන කටයුතු සඳහා සන්නිවේදන යෙදවුම් භාවිත කරන්නේ නම්, සුහුරු තාක්ෂණික උපකරණ පහසුකම් නොමැති දරුවන් අපහසුතාවයට පත් නොවන පරිදි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු වන බව සහතික කරගැනීම සඳහා සුවිශේෂී ක්‍රමවේද අනුගමනය කළ යුතුය.

IV. විශේෂයෙන් ප්‍රාථමික අංශයේ සිසු දරුවන් විසින් පාසලට රැගෙන ආ යුතු ඉගෙනුම් ද්‍රව්‍ය උපකරණ ආදිය පිළිබඳව දැනුම් දීමේදී විධිමත් සැලැස්මකින් යුතුව ප්‍රමාණවත් කාලයක් ලබා දී දෙමාපියන් දැනුවත් කිරීම කළ යුතුය. ඒ පිළිබඳව සිහි කැඳවීම් යොමු කිරීම සඳහා පමණක් සන්නිවේදන යෙදවුම් භාවිතය සීමා කිරීම සුදුසු වේ.

V. සිසුන් විසින් නිවසේ දී සිදු කළ යුතු අභ්‍යාස හා පැවරුම ආදිය සිසුන්ට ලබා දීම පාසල් පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අතරතුර පැහැදිලි කිරීමෙන් පමණක් සිදුකළ යුතු අතර දෙමාපියන් සහ පවුලේ අනෙක් සාමාජිකයින්ද අපහසුතාවයට පත් කරමින් ඉහත සන්නිවේදන යෙදවුම් මේ සඳහා යොදා නොගත යුතු බව තරයේ අවධාරණය කරයි.

VI. පොදුවේ සලකන කල්හි මේ වැනි සන්නිවේදන යෙදවුම් භාවිතයේදී කිසිදු අයුරකින් සිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන සහ ඔවුන් මානසික පීඩනයට ලක්විය හැකි ආකාරයේ පණිවුඩ, වීඩියෝපට, ඡායාරූප, හඬපට, නිවේදන ආදි කිසිවක් යොමු කිරීම සිදු නොකළ යුතු අතර එවැනි සිදුවීම වාර්තා වුවහොත් ඒ සම්බන්ධව විනයානුකූලව දැඩි පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු ලබන බව දන්වා සිටිමි.

VII. රාජකාරීමය වශයෙන් සහ අධ්‍යාපන සංවර්ධනයට අදාළ වන ආකාරයේ සන්නිවේදන යෙදවුම් සමූහයන්වලට අමතරව අවිධිමත් ලෙස පාසල් ප්‍රජාව හා ගුරුවරුන් සම්බන්ධ කර ගනිමින් පවත්වා ගෙන යනු ලබන සන්නිවේදන යෙදවුම් සමූහ මඟින් පාසලේ කීර්තිනාමයට හෝ පාසල් ප්‍රජාවට සහ සිසු දරුවන්ට විය හැකි හානි සම්බන්ධව අදාළ සමූහයන්හි පරිපාලකයින් විසින් පූර්ණ වගකීම දැරිය යුතු වේ. ඒ හා සම්බන්ධයෙන් මතුවන ගැටලු වලදී රටේ පවතින පොදු නීතිය සහ තොරතුරු සන්නිවේදන පනත අනුව නීතිමය පියවර ගනු ලබන බව ද දන්වමි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නීතිය දූෂණය කළ අපරාධකරුවෙකුට නීතිය ඉදිරියට යන්නට ප්‍රවේශය හදා දුන් පොලිසියේ සිඟිති ආතල් කාරයින්ගේ කතාව…

Next Post

කොළඹින් ගෙයක් ඕන නම් ඇප්ලිකේෂන් එකක් දාන්න පුලුවන්… එතකොට සලකා බලා අසරණයි වග පේනවා නම් පින් තකා ගෙයක් දෙන්න පුලුවන්… ජනපති හිටපු ජනපතිවරුන්ට කියයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.