බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතිය දූෂණය කළ අපරාධකරුවෙකුට නීතිය ඉදිරියට යන්නට ප්‍රවේශය හදා දුන් පොලිසියේ සිඟිති ආතල් කාරයින්ගේ කතාව…

by editor
නොවැම්බර් 8, 2024
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

නීතිය යන යන අකුරු තුනෙ “ය” යන්නටත් බිත්තියට හේත්තු කර වෙඩි තැබූ මේ රට ව්‍යසනයකට ලක් අශිෂ්ට අපාරාධකරුවෝත් අවසානයේ නීතියේ පිළිසරණ පතති. උන් රටක් මහා විනාශයකට පත් කර මිය ගොස් ඇතත් උන් වෙනුවෙන් උන්ගේ ඥාති සමූහය අධිකරණයට අධිකරණයෙන් සාධාරණයක් අයාචනා කරනු පෙනේ.

සමරසිංහ ආරච්චිගේ මදුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මදුෂ් නමැත්තාගේ මරණය සැකසහිත වන බැවින් එකී විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස ඔහුගේ බිරිඳ ඊයේ (07) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

කුඩු ටොන් ගණන් ලංකාවට එවමින්, එම මත්කුඩු ජාලය අතිශය සාහසික ලෙස මෙහෙයවමින් රට විකල් කළ මාකඳුරේ මධුෂ් නැමැති අපරාධකරුවා සම්බන්ධව රටට අමතක නැත. ඔහුගේ ජඩ ම්ලේච්ඡත්වය කවදාවත් අමතක වන්නේ ද නැත. කෙසේ වෙතත් අප තේරුම් ගත යුතු වැදගත් යථාර්ථය වන්නේ තම අණින් පුද්ගලයින් මරා දමන ආකාරය සජීවීව බලන,  භීෂණය වැපිරවීම සදහා මිනී මරා හිස ගෙලෙන් වෙන් කර පාර්සල් කර කොළඹ එවන,  ආරක්ෂක අංශ සමග එළිපිට ගේම ඉල්ලමින් රටේ පාතාල ආණ්ඩුවක් හැදීමට උත්සාහ කර තිබුණ මධුෂ් වැනි අපරාධකරුවෙකුට සාධාරණය ඉල්ලමින් අවසානයේ නීතිය ඉදිරියට එන්නට තරම් අවකාශයක් විමර්ශන අංශ විසින් සකස් කර තිබීමය.

ජාත්‍යාන්තර මෙහෙයුමක් කර ඩුබායි සිට ලංකාවට ගෙන්වා ශ්‍රී ලංකා රජයේ පොලිසිය යටතේ රඳවාගෙන සිටි අපාරධකරුවෙක් රටට කික් එකක් දීම සදහායැයි අපට හිතෙන ආකාරයට සැක සහිත ලෙස ඝාතනය වීමට ඉඩ හැරීම හරහා නීතිය කැඩූ අපරාධකරුවෙකුටත් නීතිය හමුවේ නීතියෙ සාධාරණය පිළිබඳ ප්‍රශ්න කිරීමට ඉඩ හසර දැන් සැලසී තිබේ. “මධුෂ් මරපු එක නරකද ?” යි අහන්නට පෙර රටක් ලෙස අප ප්‍රශ්න කළ යුතු වන්නේ ඒ අශිෂ්ඨ ප්‍රවේශය පිළිබඳවය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මධුෂ්ගේ බිරිය ඊයේ මාලිගාවත්ත අධිකරණයට කීවේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය නිසි ලෙස විමර්ශන සිදු නොකරන් යැයි පෙනී යන බවය. මධුෂ්ගේ මරණය සීඅයිඩි එකට භාර දෙන්නැයි ඔහුගේ බිරිඳ අධිකරණයෙන් ඉල්ලන්නේ එවැනි පසුබිමකය. ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා ප්‍රමුඛ නීතිඥවරු අතිරේක මහෙස්ත්‍රා මහෙස්ත්‍රාත් මංජුල රත්නායක හමුවේ එම ඉල්ලීම කළහ. නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දෙන්නට උත්සාහ කළේ මාකඳුරේ මධුෂ් යනු හුදකලා පහළ වීමක් නොවන බවය. මේ කුප්ප සමාජයේ ජඩකමේ ස්වරූපය එළියට පෙන්වූ නිර්මිතයක් බවය. එම නිර්මාණය පසුපස දේශපාලනය, පොලිසිය, මෙන්ම මෙම සමාජයේ ඉහළම ප්‍රභූ චරිත ද වූ බවය.

රටට පිළිගැනීම සඳහා තර්කානුකූල කතාවක්වත් නොමැතිව විහිළු සහගත ආකාරයෙන් මාකඳුරේ මධුෂ් නමැත්තා ඝාතනය වන්නේ ඔහු සමඟ සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් රැසකගේ තොරතුරු ඔහු හෙළිකිරීමට සූදානම්ව සිටි අවස්ථාවකදී බව විටෙක පාර්ලිමේන්තුවේ දී ද කියැවිනි. මෙවැනි අවස්ථාවක මාකඳුරේ මධුෂ් වෙඩි වැදීමකින් මිය යෑම සැකසහිත බව එදා විපක්ෂයේ සිට පෙන්වා දුන්නේ අද මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විජිත හේරත්ය. මේ බව නීතිඥවරු අධිකරණයේ දී මතු කළේ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත්ගේ එම ප්‍රකාශය හැන්සාඩ්ගතව ඇති ආකාරය උපුටා දක්වමිනි.

එබැවින් එකී මරණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන මාලිගාවත්ත පොලිසියෙන් ඉවත්කරන ලෙසත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නොතීසි නිකුත්කරන ලෙසත් මාකඳුරේ මධුෂ්ගේ බිරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

නීතිඥවරු පෙන්වා දුන්නේ පොලිස් භාරයේ සිටි ප්‍රබල පාතාල කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධුෂ් නමැත්තා සඟවා ඇති අවි ආයුධ කිහිපයක් අත්අඩංගුවට ගැනීම සඳහා හද්දා මැදියමේ එළියට ගෙන කොළඹ මාලිගාවත්ත නිවාස සංකීර්ණයට ගෙන ගිය අවස්ථාවේ දී ඝාතනය වූ බවය. 2020.10.20 වැනිදා දෙපාර්ශ්වයක් අතර ඇතිවූ වෙඩි හුවමාරුවක දී වෙඩි වැදී මියගොස් ඇති බව පොලිසිය අධිකරණයට මේ ගැන දන්වා ඇතත් එම කරුණු දැක්වීම් හා ඔහුගේ මරණය ඉතා සැකසහිත බව මරණකරුගේ බිරිඳගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කියා සිටියහ.

නීතිඥවරු අධිකරණයට කීවේ මධුෂ්ගේ මරණය සැක සහිත වුවත් ජීවිත තර්ජන නිසා මෙතෙක් දිනක් ඒ පිළිබඳව ඔහුගේ බිරිය නිහඬව සිට ඇති බවය.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත්කර ඇති චක්‍රලේඛය අනුව තම අධිකරණයට සීමා පනවා ඇති බැවින් අගතියට පත් පාර්ශ්වය කරන එම ඉල්ලීමට අවසර දීමේ හැකියාවක් තම අධිකරණයට නොමැති බව අතිරේක මහේස්ත්‍රාත්වරයා කීවේය. විමර්ශන සම්බන්ධයෙන් සෑහීමට පත් නොවන්නේ නම් මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කරන ලෙසට ද අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන්ට අධිකරණය දැනුම් දුන්නේය.

නීතිපතිවරයාට, පොලිස්පතිවරයාට හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව පැමිණිලි කිරීමට ද අගතියට පත් පාර්ශ්වයට හැකියාව ඇතැයි ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

යළිත් මතුව සංවාදයට එන්නේ අමුතුම කතාවකි. මේ කතාව යළිත් වරක් කියන්නේ නීතිය උන් අතේ තියාගෙන හිටිය ප්‍රමාණය ගැනය. ඒ ගැන මතක් කිරීමට අපාරධකරුවෙක් මතුවීම ගැන අපට දුක හිතෙන්නේය. පොලිස්පතිවරුන් ලෙස සිටි සිඟිති ආතල් කාරයන් ගැලරියේ විසිල් පාර ගන්නට ගත් ලාභ තීරණ අවසානයේ රටක් නිරුවත් කර ඇති ආකාරය දකිමු.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගල්කටස් තුවක්කු දෙකක් පිහි දෙකක් රැගෙන 21 හැවිරිදි පෙම්වතිය පැහැරගන්නට පැමිණි 22 හැවිරිදි පෙම්වතා අත් අඩංගුවට…

Next Post

වට්ස්ඇප්,  වයිබර්, ටෙලිග්‍රෑම් හරහා දරුවන්ගේ සිලබස් කවර් කිරීම ඇතුළුව නියාමන රැසක් ඇතුළත් සමාජ මධ්‍ය නියාමන චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරයි.. .

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.