අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයේ විශ්මිතම බිළිඳිය… ඇගේ නම ආයා….

by editor
පෙබරවාරි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දැන් මේ ලෝකයේ විශ්මජනක බිළිඳිය ඇය ය. මේ කිරිකැටියාට දැන් නමක් ඇත. ඇයට තබා ඇති නම “ආයා” ය. අරාබි භාෂාවෙන් අයා යනු දෙවියන්වහනසේගේ ලකුණය.

ඇත්තටම ඇය මේ මනුෂ්‍ය ජීවිතයේ ආශ්චර්යය පිළිබඳ කියා පෑවාය. මේ වනවිට සිරියාවේ සහ තුර්කියේ සිදුවූ භූ කම්පනයෙන් 21000ක් මිය ගොස්ය. ඇය මෙලොව එළිය දුටුවේ ඒ මහා ව්‍යසනය සිදුවන මොහොතේය. භූ කම්පනයෙන් පැය 10ක් ගිය පසු සඳුදා දහවල් සඳුදා දහවල් ජෙන්ඩරිස් හි ගලවා ගැනීමේ සේවකයින් ආයා සොයා ගන්නේ කොන්ක්‍රීට් යට වැළලී මිය ගිය ඇයගේ මව වන අෆ්රා අබු හදියාගේ පෙකණිවැලට සම්බන්ධ වී පණ ගැහෙමින් සිටියදී ය.

ඇගේ දෙමාපියන් ජීවත් වූ පස් මහල් නිවාස ගොඩනැගිල්ලේ සුන්බුන් හාරා යද්දී මේ විශ්මය ජනක සිඟිත්තිය හමුවිනි. ඇයගේ මව මෙන්ම ඇයගේ පියා සහ සොයුරු සොයුරියන් සිව් දෙනා ඒ ගොඩනැගිල්ලේ සුන්බුන් යට වැළලී අවසන් ගමන් ගොස් තිබිණි.

සහන කණ්ඩායම් සිඟිත්තිය ඉක්මනින්ම අසල පිහිටි අෆ්රින් නගරයේ සිහාන් රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කළේය. පහත දැක්වෙන්නේ ආයා සුන් බුන් අතරින් සොයා ගත් අවස්ථාවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

බොහෝ විට දැරිය බිහි කළ පසු, ඔවුන්ව සොයා ගැනීමට පැය කීපයකට පෙර අබු හදියා මිය ගොස් ඇති රෝහලේ වෛද්‍ය හනී මහරූෆ් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබිණි.

“අපි ඇයට ආයා යන නම තැබුවා… ” මාරූෆ් පැවසීය. ඇයගේ තත්ත්වය දිනෙන් දින යහපත් අතට හැරෙමින් ඇත. වෛද්‍ය මහරූෆ්ට අනුව මුලින් බිය වූ පරිදි ඇයගේ කොඳු ඇට පෙළට කිසිදු හානියක් සිදු වී නොමැත.

ආයා දැන් සුවයෙන්…

මේ වනවිට ආයාට ඉතිරිව ඇත්තේ එකම භාරකරුවෙකි. ඒ ඇයගේ මාමාවන සලා අල්-බද්‍රාන්ය. රෝහලින් නිදහස් වූ දිනක ඔහු ඇයව රැගෙන යනු ඇත.

කෙසේ වෙතත්, වයඹ දිග සිරියාවේ ජෙන්ඩරිස් නගරයේ ජීවත් වූ ආයා ගේ මාමාවන සලා අල්-බද්‍රාන් ගේ නිවස ද භූමි කම්පාවෙන් විනාශ වී ගොස්ය. ඔහු සහ ඔහුගේ පවුලේ අය එක් මහල් ගොඩනැගිල්ලෙන් පැන ජීවිතය පමණක් බේරා ගැනීමට සමත් වී තිබිණි.

දැන් ඔහු සහ ඔහුගේ පවුලේ 11 දෙනෙකු ජීවත් වන්නේ කූඩාරමක බව සලා අල්-බද්‍රාන් ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පවසා තිබිණි.

භූකම්පාවෙන් පසු සලා අල්-බද්‍රාන්ගේ නිවසේ හෝ ඉතිරි වූ බොහෝ ගොඩනැගිලිවල ගොඩනැගිල්ලේ ජීවත් වීමට කිසිවෙකුට හැකියාවක් නැත. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ වයඹදිග සිරියාවේ ඇති ගොඩනැගිලිවලින් ජීවත් වීමට ආරක්ෂා සහිතව ඇත්තේ ගොඩනැගිලිවලින් 10% ක් පමණ්ක බවය..

මේ මහා ව්‍යසනයෙන් 21000කට අධික සංඛ්‍යාවක් මිය ගොස්ය. තවමත් සුන්බුන් අතර මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකය. මේ මරණ තවත් වැඩිවනු ඇතැයි පුරෝකථනය කර ඇත.

මේ මහා ව්‍යසනය මැද ජීවිත බලාපොරොත්තුව ඉපදවූ ආයා හෙට දවසේ යළි ගොඩනැගෙන තුර්කියේ සහ සිරියාවේ මිනිස්සුන්ගේ බලාපොරොත්තුව සංකේවත් කරනු ඇත.

The Guardian.

 

Share69Tweet43
Previous Post

බුත්තල සුළු භූ කම්පනයක්…

Next Post

ඇඟ හිරිවැටෙන කතාවක්… රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ ඇතැම් නිර්වින්දන ඖෂධ ශූන්‍යයයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.