රිච්ටර් මාපකයේ 3.0ක ප්‍රබලත්වයකින් යුත් සුළු කම්පනයක් අද (10) දහවල් බුත්තල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ, දහවල් 12.11 ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති බවය.
පල්ලෙකැලේ, මහකනදරාව සහ හක්මන යන ප්‍රදේශවල පිහිටි භූ කම්පන මධ්‍යස්ථානවලට මෙම කම්පන වාර්තා වී තිබේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS) අනුව ඉන්දියන් සාගරයේ තවත් භූ කම්පන දෙක්ක වාර්තා වී ඇත.
උතුරු සුමාත්‍රා හි බටහිර වෙරළට ඔබ්බෙන් රිකටර් මාපකයේ 4.6 ක කම්පනයක් වාර්තා වී ඇති අතර කාල්ස්බර්ග් රිජ් හි 4.7 ප්‍රබලත්වයෙන් යතු කම්පනයක් වාර්තා වී තිබේ. කාල්ස්බර්ග් රිජ් යනු භූ විද්‍යාත්මකව අප්‍රිකානු තලය සහ ඉන්දු-ඕස්ට්‍රේලියානු තලය අතර අපසාරී භූ තල මායිමකි.







