ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කිරීම සම්බන්ධයෙන් පොදු එකඟතාවක් සඳහා චීනය සම්බන්ධ කර ගැනීමට තම රට උත්සාහ කරන බව ප්රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ශ්රී ලංකා ජනපති හමුවූ අවස්ථාවේදී ප්රකාශ කර ඇතැයි රජයේ ඉහළ මූලාශ්ර පවසයි.
දෙරට අතර රාජ්ය තාන්ත්රික සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් මැක්රොන් සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ජූලි 28 වැනිදා රාත්රියේ ශ්රී ලංකාවට පැමිණ ජනාධිපති රනිල් වික්රමසිංහ සමඟ විශේෂ සාකච්ඡාවක් කළේය.
ප්රංශය, ජපානය සහ ඉන්දියාව ශ්රී ලංකාවේ විදේශ ණය ප්රතිව්යුහගත කිරීම සඳහා පොදු වේදිකාවක් පිහිටුවා ඇත.
මේ අතර ශ්රී ලංකාවේ ණය ආපසු ගෙවීම නැවත සැලසුම් කිරීමේ ද්විපාර්ශ්වික වැඩපිළිවෙළක් සඳහා රටේ විශාලතම ද්විපාර්ශ්වික ණය හිමිකරුවන චීනය සමඟ සම්බන්ධ වී සිටී.
රජයේ ඉහළ පෙළේ මූලාශ්රයක් ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ ප්රංශ ජනාධිපතිවරයා ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සමඟ සම්බන්ධවන බට ප්රතිඥා දුන් බවය.
ඕනෑම තනි පුද්ගල ණයහිමියෙකු සමඟ ද්විපාර්ශ්වික ගිවිසුමක් වෙනුවට සියලුම ණය හිමියන් සමඟ පොදු යාන්ත්රණයකට චීනය එකඟ කරගැනීම එම සම්බන්ධ වීමේ ඉලක්කය බව පැවසේ.







