ලලිත් චාමින්ද –
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මාස දෙකක හිඟ විදුලිබිල්පත් සදහා ලක්ෂ 240ක මුදලක් විදුලිබල මණ්ඩලයට ගෙවිමට ඇති බැව් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
විදුලිබිල වැඩිකිරිමට පෙර කරාපිටිය ශික්ෂණ රෝහලේ මාසික විදුලිබිල රුපියල් ලක්ෂ 80ක් පමණ වු අතර විදුලිබිල වැඩිකිරිමත් සමග මාසික විදුලිබිල රුපියල් ලක්ෂ 120 දක්වා වැඩිවි ඇති බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව විදුලිබිල්පත් සදහා මාසිකව ලක්ෂ 120ක මුදලක් කරාපිටිය ශික්ෂණ රෝහල විසින් විදුලි බල මණ්ඩලයට ගෙවිමට සිදුවි තිබේ.
මේ පිළිබද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය එස්.ඩි.වයි.එම් රංගාගෙන් කළ විමසුමකදි හෙතෙම මෙසේ කිවේය.
” රෝහලේ විදුලිබිල්පත් ගෙවිම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප්‍රතිපාදන වෙන්කරනවා. ඒ නිසා ගැටලුවක් නැහැ. නමුත් විදුලිබිල්පත් ගෙවිමේ පොඩි ප්‍රමාදයක් තියෙනවා. මාස දෙකක පමණ හිඟ විදුලිබිල්පත් ගෙවීමට තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මුදල් ලැබුණු විගස හිඟ විදුලිබිල්පත් ගෙවිමට කටයුතු කරණවා.”
රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.







