ශ්‍රියානි විජේසිංහ –
-
සමස්ථ රාජ්‍ය බැංකු පද්ධතියට රාජ්‍ය රාජ්‍ය නොවන ආයතන, ව්‍යාපාරිකයන් බිලියන 918ක් පොලු තියලා…
මහජන බැංකුවට සහ ලංකා බැංකුවට පොලු තැබූ ව්‍යාපාරිකයන් 10 දෙනාගෙන් වහාම එම මුදල් අයක කර ගැනීමට අවශ්‍ය නීති කෙටුම්පත් පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලෙස මහජන බැංකු ශාඛා සංගමයේ සභාපති රංජන් සේනානායක රජයෙන් ඉල්ලීමක් කරයි.
ඔහු මෙම ඉල්ලිම කළේ ඊයේ (2) විහාරමහා දේවී එළිමහන් රංගපීඨයේදී පැවති ලංකා බැංකු සේවක සංගමයේ බස්නාහිර පළාත් මහ සමුලුව අමතමින්ය.
මෙම ව්‍යාපාරිකයන් දස දෙනාගෙන් බිලියන 50ක් ලංකා බැංකුවටද බිලියන 30ක් මහජන බැංකුවටද අයවිය යුතු බැවින් එම මුදල් අය කර ගන්නේ නම් බැංකු විකිණීම අවශ්‍ය නොවන බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මෙම ව්‍යාපාරිකයන් දස දෙනාගෙන් බිලියන 80 අය කර ගැනීමට රජය කටයුතු නොකළහොත් අදාල ව්‍යාපාරිකයන්ගේ නම් සමාජ ගතකරන බවද හෙතෙම අවධාරණය කළේය.
මෙම සමුළුව අමතමින් කථා කළ ලංකා බැංකු සේවක සංගමයේ හිටපු ජ්‍යෙෂ්ඨ ලේකම් ජානක ආරියපාල පැවසුවේ ආණ්ඩුවේ මර්ධනකාරී වැඩ පිළිවෙලට අනුව මේ වන විට රාජ්‍ය ආයතන 31ක් පෞද්ගලීකරණය කිරීම සඳහා යිස්තු ගත කර ඇති බවය. ඒ අතර විදුලිබල මණ්ඩලය, ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ටෙලිකොම්, රාජ්‍ය බැංකු , රක්ෂණය යන ආයතනයන්ද ඇතුළත්ව ඇතැයි පැවසුවේය.
ආණ්ඩුව දුවන්නේ රාජ්‍ය බැංකු දෙකේ හයියෙන් බවත් මෙම බැංකුදෙක විකුණා ආණ්ඩුවට අත පිසදා ගැනීමට නොහැකි බවත් හෙතෙම පෙන්වාදේ.
බදු අයකර ගැනීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට අනුව 2023ට වඩා 24 මාරාන්තික විය හැකි යැයිද ජානක ආරියපාල පැවසුවේය.