අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාසා තීරයට යළිත් මරණය… සටන් විරාම නැවතුන පසු 193ක් මැරිලා… 650ක් තුවාලයි..

by editor
දෙසැම්බර් 3, 2023
in පුවත්
ජීවිතය පමණක් අපේක්ෂා කළ මිනිස්සු...

ජීවිතය පමණක් අපේක්ෂා කළ මිනිස්සු...

Share on FacebookShare on Twitter

ගාසා තීරයේ ජීවිතය සහතික කර කාලය පැය ගණනින්  ගණන් කර නිමා කර තිබේ. යළිත් බිහිසුණු සංහාරය ආරම්භ වී  ඇත. පෙරේදා (01) උදේ  සිට ආරම්භ වූ ප්‍රහාර බිහිසුණු ලෙස වර්ධනය වී ඇති ආකාරය  අන්තර්ජාතික රතුකුරුස  සංවිධානයේ ප්‍රධානියා  රොයිටර් පුවත් සේවය වෙත අවධාරණය කර සිටියේය.

සටන් විරාම දින කීපය තුළ ජීවිතය ගැන බලාපෙ‍රොත්තු උපදවාගෙන සිටි අසරණ සිවිල් වැසියන්  193කට වැඩි පිරිසක් ඊයේ සහ පෙරේදා දෙදින තුළ  ඝාතනය වි ඇති බව  ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.  650 දෙනෙකුට වඩා තුවාල ලබා ඇත.  මියගිය අය අතර ප්‍රදේශයේ ඉස්ලාමීය විශ්ව විද්‍යාලයේ සභාපතිවරයා සහ  ඔහුගේ පවුලේ අය ද වෙති. නිවසේ සිටි සභාපතිවරයා සහ පවුලේ අය ඊශ්‍රයාල ගුවන් ප්‍රහාරයකින්  ඝාතනය වි තිබේ.

ඊයේ    උදෑසන පුරාම, ඛාන් යුනිස් හි නසාර් රෝහලට තුවාල වූ පුද්ගලයින්ගේ අඛණ්ඩ ප්‍රවාහයක් ඇදී ආවේය. රෝහල් ධාරිතාව ඉක්මවා ගොස්ය. තුවාල ලැබූ අසරණ සිවිල් වැසියන් සිය ගණනක් වැතිර ප්‍රතිකාර ලබමින් ඇත.

ඊශ්‍රායල යුද ගුවන් යානා සහ කාලතුවක්කු ඊයේ ( 02) දිනය පුරාමත්  ගාසා තීරයේ දකුණට බෝම්බ හෙලුවේය. තාවකාලික සටන් විරාමයෙන් අනතුරුව එල්ල කළ ප්‍රහාරයෙන්   ඛාන් යූනිස්හි, මුස්ලිම් පල්ලි තුනක්,  නිවාස බුන්බත් වී තිබේ. වෛද්‍යවරුන් සහ සාක්ෂිකරුවන්ට අනුව ඊයේ  උදෑසන   නසාර් රෝහලට ආසන්න ප්‍රදේශවලට හය වතාවක් ඊශ්‍රයාල ප්‍රහාර එල්ල වී ඇත. මේ වනවිටත් දුම්රොටු අහසට යොමු වී ඇති අකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගාසා තීරයේ බඩගින්න…

ඔක්තොම්බර් 07 දා  යුද්ධය ආරම්භයේ සිට මියගිය සිවිල් පලස්තීන වැසියන්ගේ ප්‍රමාණය  15,000 කට වැඩිය. ඛේදවාචකය වන්නේ ඉන් හතරෙන් තුනක් නොදරුවන් සහ කාන්තාවන් විමය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පලස්තීන සිවිල් වැසියන්  මේ වනවිට වඩාත්ම බිය වී සිටින්නේ    දකුණේ ඊශ්‍රායල ගොඩබිම් මෙහෙයුමකින් පලස්තීන භූමිය ආක්‍රමණය කිරිමේ   පෙර නිමිති පහළ වි ඇති බැවිනි.    එමඟින් හැකිළෙන ප්‍රදේශයකට සිවිල් වැසියන් එක් කර අසල්වැසි ඊජිප්තුවට තල්ලු කිරීමට උත්සාහ කළ හැකි බවට ගාසා වැසියෝ විශ්වාස කරති.

ඉස්ලාමීය කණ්ඩායම සිය පැවැත්මට තර්ජනයක් වන බවත්  මේ විනාශකාරී සතුරාවන හමාස් සංවිධානය සදහටම අතුගා දමන බවත් ඊශ්‍රයාලය මේ වනවිට ප්‍රතිඥා දී ඇත.

මානුෂික ආධාර

සටන් විරාමය අවසන් වීමෙන් පසු ප්‍රථමාධාර ට්‍රක් සෙනසුරාදා රෆා හරස් මාර්ගයෙන් ඊජිප්තුව   ප්‍රදේශයෙන් ගාසාවට ඇතුළු වූ බව ඊජිප්තු ආරක්ෂක සහ රෙඩ් ක්‍රෙසන්ට් ආරංචි මාර්ග පැවසීය.

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු පැවසුවේ සටන් නැවත ආරම්භ වන විට ගාසා තීරයේ සිවිල් වැසියන්ට මානුෂීය ආධාර සැපයීමට ඊශ්‍රායලය පහසුකම් සපයනු ඇති බවය.

දින හතක සටන් විරාමය බිඳ වැටීම සම්බන්ධයෙන් සටන් කරන පාර්ශ්ව එකිනෙකාට දොස් පවරා ගනිති. එහි අවසාන වන්දිය ගෙවන්නේ අසරණ මිනිසුන් ඔවුන්ගේ ජීවිතවලිනි.

ඔබ  මෙය කියවන මොහොතේත්  ගාසාහි කිරි සප්පයෝ ඊශ්‍රයාල ප්‍රහාරවලින් මිය යති. තමන්ට අවාරණය කරගත නොහැකි, තමන්ගෙන් පාලිත සිවිල් වැසියන්ගේ ජීවිතවලට රැකවරණයක් සපයා දිය නොහැකි  යුද්ධයක් අලුත් වටයකින් ආරම්භ කළ හමාස් ද ඊශ්‍රයාලය තරම්ම ම්ලේච්ය. මේල්ච්ඡයන්ගේ යුද්ධයේ දී   කුඩුවි යන අසරණ සිවිල් වැසියන්ගේ ජීවිත සම්බන්ධව අප බලා සිටින්නේ මහත් වූ කම්පනයෙනි. එහෙත් අපට මානව හිමිකම් ගැන උග්නවන බටහිර කාලකණ්ණින්ගේ මුණිවත ලෝකයේ පවතින ම්ලේච්ඡත්වයේ සමස්ථය ගැන කදිම පාඩමක් කියා දෙමින් ඇති බව යළිත් අවධාරණය කළ යුතුව ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

 දිනකට ප්ලාස්ටීක් ටොන් 938ක් ජනනය වුනත් ප්‍රතිචක්‍රීකරණය කරන්නේ සියයට 4යි… ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී හෙළි වෙයි!

Next Post

රාජ්‍ය බැංකු විකුණන්න ඕන නෑ… මහජන බැංකුවට සහ ලංකා බැංකුවට බිලියන 80ක් පොලු තැබූ ව්‍යාපාරිකයන් 10න්  ඒ මුදල් අය කරගන්න…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.