දිනසේන රතුගමගේ –
මාන්කුලම් පොලීසියේ අවි ගබඩාවෙන් ගිනි අවි 12 ක් සඳහා භාවිත කරන පතරොම් 1421 ක් අතුරුදහන් වී තිබේ.
අවි ගබඩාව බාර නිලධාරියා අවි ගබඩාව පරීක්ෂා කිරීමේදී එම අඩුව දැක ඒ පිළිබඳව මාන්කුලම පොලීසියටම පැමිණිලක් ඉදිරිපත් කොට තිබේ.
පැමිණිල්ල ලැබීමෙන් පසුව පොලීසිය අවට ප්‍රදේශය හා පොලිස් නිලධාරීන්ගේ නිවස්නයන් ඇතුළු සියලුම ස්ථාන පරීක්ෂාවට ලක් කොට ඇතත් අතුරුදහන් වූ පතරොම් තොගය හමු වී නොමැත.
අවි ගබඩාව බාර පොලිස් නිලධාරියා ප්‍රකාශ කොට ඇත්තේ අවි ගබඩාව පිහිටි ස්ථානයට වෙනත් පුද්ගලයින්ට පැමිණීමට නොහැකි නිසා ඒවා පොලිස් ස්ථානයේම සේවය කරන කිසියම් අයෙකු විසින් රැගෙන යන්නට ඇති බව තමන් විශ්වාස කරන බවයි.
මාන්කුලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.