රවී කරුණානායකගේ නීති විරෝධී මෙන්ම සදාචාර විරෝධී ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සොරකම් කිරීම සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට අද (19) උදේ 10ට ගෑස් සිලින්ඩරය යටතේ තරග වැදුන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සියලුම දේශපාලන පක්ෂ එක් වී සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි
ඔහු පවසන්නේ රවී කරුණානායක ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා විසින් ඊයේ මැතිවරණ කොමිසමට නම් කර යවා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කිසිම දැනුම්වත්වීමකින් නොවන බවය.
එක්සත් ජාතික පක්ෂය විසින් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා නම් කිරිමට සූදානම්ව සිටියේ තලතා අතුකෝරල බව ද ඔහු කියා සිටියේය. සිදුවීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය වශයෙනුත් විනය පරීක්ෂණයක් කිරීමට කටයුතු කරන බව වජිර අබේවර්ධන පැවසුවේය.








