සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විනයක් නැති පක්ෂයක කඩප්පුලි දේශපාලනයට අපට වගකියන්න බෑ…. ගැසට් එක වෙනස් කරන්න උසාවි තීන්දුවක් අරන් එන්න වේවි…. මැතිවරණ කොමිසම දන්වයි!

by editor
නොවැම්බර් 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

  • පක්ෂය ඇතුළෙවත් විනයක් සදාචාරයක් නැති දේශපාලනයක් රටක් හදන්නේ කොහොම ද?. බලය ලබා ගන්න මැතිවරණයෙන් මැතිවරණයට සන්ධානගතවෙන ප්‍රතිපත්තියක් සදාචාරයක් නැති දේශපාලනයේ ප්‍රතිඵල තමයි මේ… මේ දේශපාලනය තුරන් විය යුතුයි…මැතිවරණ කොමසාරිස් ජනරාල් පවසයි.

පක්ෂයක් අභ්‍යන්තරයේ සිද්ධවන කඩප්පුලිකම්වලටත් විනයක් හෝ සදාචාරයක් නොමැති හැසිරීමටත් මැතිවරණ කොමිසමට වගකිව නොහැකි බව ද, පක්ෂයේ ලේකම්වරිය ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය නම් කර එවූ පසු මැතිවරණ කොමිසම කළ යුත්තේ නීත්‍යානුකූලව එම නම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේය.

ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට වංචා කර ඇති රවී කරුණානායක සම්බන්ධව මේ වනවිට මතුවී ඇති ආන්දෝලනාත්මක තත්ත්වය සම්බන්ධව ලංකාසර කළ විමසීමක දී මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා  පැහැදිලි කළේ දැන් මෙම ගැසට් නිවේදනය සම්බන්ධ තීරණයක් ගත හැක්කේ උසාවි නියෝගයකින් පමණක් බවය.

මෙම මන්ත්‍රීවරයා දිවුරුම් දීමෙන් පසු ඉල්ලා අස්වුවහොත් අදාල පක්ෂයේ ලේකම්වරිය මැතිවරණ නීති රාමුව තුළ නම් කර එවන පුද්ගලයාගේ නම යළිත් වරක් ගැසට් කිරීමට ද මැතිවරණ කොමාසමට නීත්‍යානුකූල හැකියාවක් ඇති බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කළේය.

දේශපාලන සදාචාරයකින් තොරව එක් එක් අවස්ථාවලදී බලය අල්ලා ගැනීමට සන්ධානගතවන අශික්ෂිත දේශපාලනයේ ප්‍රතිඵලය මෙය බවද ප්‍රකාශ කරමින් ඔහු මෙසේ පැවසුවේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

“පක්ෂයේ අභ්‍යන්තර තත්ත්වය අපට අදාල නෑ. පක්ෂ ලේකම් අපට නම් එවලා තියනවා. පක්ෂ ලේකම් අපට නම් එව්වට පස්සේ ඒක පක්ෂයේ අභ්‍යන්තරය එකඟ ද නැද්ද කියන එක මැතිවරණ කොමිසමට අදාල නෑ. ඒ ගොල්ලන්ගේ පක්ෂය තුළ සදාචාරයක් විනයක් නැති එකට අපි මොකද කරන්නේ. අපට කරන්න දෙයක් නෑනේ. අපට තියෙන්නේ පක්ෂයේ ලේකම් නම එව්වට පස්සේ ලේකම් එවන නම ගැසට් කරන එක.”

“පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා. ශ්‍යාමිලා පෙරේරා අපට එව්වට පස්සේ අපිට ඒ තීරණයේ අභ්‍යන්තරය හොයන්න අවශ්‍ය නෑ. ශ්‍යාමිලා අපේ ලඟ ඉන්න ලේකම්. ඒ අයගේ තියන නිහීන කඩප්පුලි දේශපාලනය හින්දා වෙන දේවල්වලට අපට වගකියන්න බෑ. ඒක ඒ අය හදාගන්න ඕන. පක්ෂ අභ්‍යන්තරයේ විනයක් හදාගන්නෙ නැතිව කොහොමද රට හදන්න හදන්නේ මේ අය. ”

“පක්ෂ අභ්‍යන්තරයෙ තියන්නේ ඒ ගොල්ලන්ගේ ප්‍රශ්නයක්. අපට කරන්න තියෙන්නේ ලේකම් එවන නම ගැසට් කරන එක. අපට ඉන් එහාට ඒ අයගේ ප්‍රශ්නවල කිසිම අදාලත්වයක් නෑ. ශ්‍යාමිලා ඒක හොරෙන් කළා නම්  පොලිසියේ ඇන්ට්‍රියක් දාලා පවතින නීති රාමුව ඇතුළෙ අධිකරණයට ඒ ප්‍රශ්නය රැගෙන ගිහින් අධිකරණ නියෝගයක් ගන්න ඕන . අපේ පැත්තෙන් මේ ගැසට් එක අවලංගු කරන්න අපට කිසිම අවශ්‍යතාවයක් නෑ . එහෙම කරන්න අවශ්‍ය උසාවි තීන්දුවක් ආවොත් විතරයි. මොකද මේ ගැසට් එක අදාල පුද්ගලයටම  ගපහු ගැසට් එකක් නෙමෙයි. ”

“අපේ රටේ තියෙන්නෙ ඡන්දෙන් ඡන්දෙට සන්ධානගතවන දේශපාලනයක්. බලය අල්ලා ගන්න ඕනෑම කණ්ඩායමක් එක්ක ගැටගෙනවා. දේශපාලන සදාචාරයක් නැතිව එක එක වෙලාවට බලය අල්ලා ගන්න සන්ධානගත වෙන අශික්ෂිත දේශපාලනයේ ප්‍රතිඵල තමයි මේ. මේ දේශපාලනය කෙළවර විය යුතුයි. ඒ කෙළවර වීමේ සලකුණු තමයි මේ ප්‍රකට වෙන්නේ. ” මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රවී ජාතික ලයිස්තුවෙන් පත් කරනකම් අපිත් දන්නේ නෑ… පත්කරන්න හිටියේ තලතා… එජාපය කියයි….

Next Post

කුඩා තේ වතු හිමියෙකුගේ අක්කර 02ක තේ වගාවක ගස් උදුරා දමා ගිනි තියලා…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.