සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රඹුක්කන පොලිස් මිනීමැරුම ඇසින් දුටු පුද්ගලයෙක් අධිකරණය ඉදිරියේ දුන් සාක්ෂිය….

“ඕකුන්ට වෙඩි තියල මරපන්“  කියල කිව්වේ රාජ්‍ය ලාංඡනයක් සහ තරු දෙකක් පැළඳි නිලධාරියෙක් ! පොලිසිය පන්න පන්න වෙඩි තිබ්බෙ පණ බයේ දුවපු අපිට... 

by editor
අප්‍රේල් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රඹුක්කන ඝාතන සිද්ධියට අණ දුන්නේ  එම ස්ථානයේ සිටි රාජ්‍ය ලාංඡනයක් සහ තරු දෙකක් පැළඳ සිටි නිලධාරියෙක්   බවත් එයින් පසුව   පොලිස් නිලධාරීන් පන්න පන්නා වෙඩි තැබූ බවත්  අද කෑගල්ල  අධිකරණ හමුවේ සාක්ෂි ලබාදෙමින් රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය   ඇසින් දුටු සාක්ෂිකරුවෙක් පැවසීය.

Videos starting to come in from #Rambukkana! pic.twitter.com/q5W9kmk04p

— Avin (@avincodes) April 19, 2022

මෙම සාක්ෂිකරු එසේ පැවසුවේ   විරෝධතාවය අතරතුර පොලිස් වෙඩි පහරින් මියගිය  දෙදරු පියෙකු වූ චමින්ද ලක්ෂාන් (41) ගේ මරණය සම්බන්ධව පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (21) රඹුක්කන මහේස්ත්‍රාත් වාසනා නවරත්න  ඉදිරියේ පැවැත්වූ අවස්ථාවේදීය.

මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී  නිතිපතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න   සහ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නිතීඥවරුන් වන සරත් ජයමාන්න, රියෙන්සි අර්සකුලරත්න, උපුල් ජයසූරිය, මෛත්‍රී ගුණරත්න   සමග නිතීඥ තේජිත කෝරලගේ, නිතීඥ චමින්ද අතුකෝරාල   ප්‍රමුඛ නිතීඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියහ. විශේෂත්වය වන්නේ වින්දිතයා වෙනුවෙන් මේ ලංකාවේ ප්‍රවීණතම නීතිඥ මණ්ඩලය ඉදිරිපත් වූයේ ස්වේච්ඡාවෙන් වීමය.

එම මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන්  දෙවැනි සාක්ෂිකරු අදිකරණය හමුවේ මෙසේ කීවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“දවල් 2ට විතර මම  තෙල් ගහන්න ගියා. ඒ වෙලාවේ තෙල් ඇවිල්ලා තිබුණේ නැහැ. එතැන උද්ඝෝෂණයක් තිබුණා. මමත් ඒකට සහභාගී වූණා. උද්ඝෝෂණ කළ පිරිස හිටියේ බවුසර් දෙක තිබුණ තැන. පොලීසිය මුලින් හිටියේ කෑගල්ල පාරේ එක පැත්තකට වෙන්න වගේ. ඊට ඉස්සරහින් පොලිස් නිලධාරීන් තුන් දෙනෙක් ත්‍රීවිල් එකකට මුවා වෙලා වගේ හිටියා. මම හිටියේ උද්ඝෝෂණ කරුවොයි පොලීසියයි අතර මැද.

ත්‍රීවිල් රථයකට මුවා වෙලා හිටි පොලිස් නිලධාරීන් තුන්දෙනෙක් සහ රාජ්‍ය ලාංජනයයි තරු දෙකකුයි කරේ පැළගෙන හිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුයි එතන හිටියා. ටික වෙලාවකින් සිවිල් ඇඳගත්තු තුන්දෙනෙක් එතැනට ආවා. ඒ අය කවුද කියලා මම දන්නේ නැහැ. ඒ තුන්දෙනා පොලීසිය හිටපු පැත්තට ගල්වලින් ගැහුවා. එතකොටම අර ජ්‍යෙෂ්ඨ නිලධාරියා   ‘කදුළු ගෑස් ගහන්න. ගහන්න” කියලා. ඊට පස්සේ ත්‍රිවිල් එකට මුවා වෙලා වගේ හිටපු පොලිස් නිලධාරීන් තුන් දෙනා කඳුළු ගෑස් ගැහුවා.

එතකොටම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා ‘මේක හරියන්නේ නැහැ ඕකුන් වෙඩි තියලා මරපන්’ කියලා. එතකොටම පොලීසිය වෙඩි තිබ්බා. මම දිව්වේ මඩවල පාර දිගේ. මා එක්ක තවත් කට්ටිය ගොඩක් දිව්වා. පොලීසිය අපි පිටිපස්සේ පන්න පන්නා වෙඩි තිබ්බා. පොලීසිය වෙඩි තිබ්බේ දුවන අපිට. මම දුවලා ගිහින් පන්සලක් ඇතුළට ගිහින් නතරවුණා.”

මෙම මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී  නඩුවේ පළමු සාක්ෂිකරුත් මියගිය පුද්ගලයාගේ බිරියත් සාක්ෂි ලබා දුන්හ.

මරණ පරීක්ෂණ සාක්ෂිවලින් අනතුරු අධිකරණය සිද්ධිය වූ ස්ථානයේ රස පරීක්ෂක වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට නියෝගයක් නිකුත් කරමින් සඳහන් කළේ

මෙම සිද්ධියේ මරණපරීක්ෂණය හෙට (22) යළිත් කැදවීමට නියමිතය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඩලස් අගමැති වීම වලකන්න මන්ත්‍රී ගැටයක්!

Next Post

පොලිසියෙන් මරා දැමූ චමින්ද ගේ මළ ගෙදර හට් ගහලා දෙන්න හමුදාවෙන් ඇවිත්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.