සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුරෝපා භාණ්ඩවලට පනවා ඇති ආනයන තහනම වහා ඉවත් කරන්න

යුරෝපා සංගමය ලංකාවට කියයි

by Lanka Sara Editor
පෙබරවාරි 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යුරෝපයේ සිට ආනයනය කරන භාණ්ඩ සීමා කිරීම වහාම ඉවත් කරන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගියදා පැවති වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාවය පිළිබඳව යුරෝපා සංගමය, ශ්‍රී ලංකාව සමග පැවති සාකච්ඡාවේදී යුරෝපා සංගම් නියෝජිතයන් ශ්‍රී ලංකාවෙන් මෙම ඉල්ලීම කර ඇති බව විදේශ අමාත්‍යාංශයේ සහ යුරෝපා සංගම් කාර්යාලය ඒකාබද්ධව නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් කොවිඩ් වසංගතයක් සමඟ පනවන ලද මෙම ආනයන තහනම මගින් යුරෝපා භාණ්ඩ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ගැටලුවක් නිර්මාණය වී ඇති බවත් ඒ රටවල් දෙක අතර ආර්ථික සහයෝගීතාවයට බාධාවක් විය හැකි බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ .

මෙයට අමතරව මේ වන විට ක්‍රියාත්මක වන ජීඑස්පී ප්ලස් අපනයන බදු සහනය පිළිබඳව ද සාකච්ඡාවට ලක් ව ඇති අතර එහිදී ශ්‍රී ලංකාව කෙරෙහි මෙතෙක් ජීස්පී ප්ලස් සහනය පිරිනැමීමෙන් යුරෝපා සංගමය දැක්වූ සහයෝගය පිළිබඳව කෘතඥතාවය පළ කර ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ වුවද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සම්මුතීන් 27කට අනුකූලව කටයුතු කළ යුතු වන අතර විශේෂයෙන් මානව හිමිකම් කම්කරු අයිතිවාසිකම් පරිසර ආරක්ෂණය සහ යහපාලනය සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර සම්මුතීන් ජීඑස්පී ප්ලස් සහනය දිගටම ලබා ගැනීම නම් නිසි අයුරින් ක්‍රියාත්මක විය යුතු බව එහිදී යුරෝපා සංගම් නියෝජිතයින් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාව ද එම සම්මුතීන් සහ අදාල ප්‍රතිපත්තීන් අනුව කටයුතු කරන බවට යුරෝපා සංගම් නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

එහිදී අදාළ සම්මුතින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දක්වන ප්‍රගතිය යුරෝපා සංගමයට යවත්කාලීන හෙළ ලෙසට ද මෙම සංගමයේ නියෝජිතයන් ඉල්ලා ඇත.

මේ අතර යුරෝපා සංගම් නියෝජිතයන් දැනට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කර ඇති අතර ශ්‍රී ලංකාව පොරොන්දු වූ ආකාරයෙන් එහි සංශෝධන සිදු කර නොමැති බව ඉස්මතු කර දක්වා ඇත.

එසේම පුද්ගලයන් එම පනත යටතේ රඳවා ගැනීම පිළිබඳව ද ඔවුන් මෙහිදී අවධානයට ලක්කර ඇති බව එම ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් වේ.

මෙම යුරෝපා ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික සහයෝගීතා වැඩපිළිවෙළේ 24 වැනි රැස්වීම ඊයේ බ්‍රසල්ස් නුවර දී පවත්වා ඇති අතර එය ඉතාම මිත්‍රශීලී ස්වරූපයකින් පැවති බව ද එම නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හවුල්කාර පක්ෂ නැති පොහොට්ටුවේ අනුරාධපුර රැළියට ජන ගඟක්!

Next Post

සුළු වැරදිවලට බන්ධනාගාරය වෙනුවට නිවාස අඩස්සිය…. බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් අලුත් යෝජනාවක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.