සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ  තරුණයා මිය ගොස් ඇත්තේ අත් අඩංගුවට ගෙන එල්ලා පහරදීමේන්… පරීක්ෂණවලින් හෙළි වෙයි… මිනිස්සු  වඩුක්කෝඩෙයි  පොලිසිය කුඩු කරන්න එති! 

by editor
නොවැම්බර් 21, 2023
in පුවත්
මරණය

මරණය

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

පොලිස් අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමෙන් පසු මිය ගිය යාපනයේ  තරුණයා මිය ගොස් ඇත්තේ පොලිස් අත් අඩංගුවේ දී සිදුවූ කෲර පහරදීම් නිසා ඇති වූ අභ්‍යන්තර අවයවවලට හානි වීම් නිසා බව මරණ පරීක්ෂණයේ දි හෙළි වී තිබේ.

මිය ගිය තරුණයා…

අත් අඩංගුවට ගෙන එල්ලා පහරදීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කරනු ලැබූ මෙම තරුණයා බන්ධනාගාරය තුළ දී රෝගී වීම හේතුවෙන්   යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. 

මියගිය තරුණයා සම්බන්ධයෙන් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඔහුට  දැඩි ලෙස පහර දීම නිසා ඔහුගේ වකුගවලට හා තවත් අභ්‍යන්තර අවයව වලට හානි සිදුවීමෙන් මෙම මරණය සිදුවී ඇති බවය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. 

යාපනයේ වඩුක්කෝඩෙයි සිත්තන්කේණී ගම්මානයේ පදිංචි 27 හැවිරිදි නාගරාසා ඇලෙක්ස් නැමති තරුණයෙක් මීට දින හතරකට ඉහතදී වඩුක්කෝඩෙයි පොලීසිය විසින් හොරකමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඔහුව පොලිස් ස්ථානයට ගෙන ගොස් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර තිබුණේ දැඩි ලෙස පහර දෙමිනි.   මෙම පහරදීමෙන් අනතුරුව  තරුණයාව    පොලිසිය තරුණයාව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු අතර  අධිකරණ නියෝග මත ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

එහිදී රෝගී වූ තරුණයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය අතර පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූයේ ඔහු පහර දී මරා දමා ඇති බවය. 

මේ අමානුෂික පහරදීම සම්බන්ධව තවත් සාධක දෙකක් අනාවරණය වී ඇත. 

එකක් නම්  පොලිස් අත් අඩංගුවට පත් තරුණයාගේ දෑත් ගැට ගසා ඔහුව එල්ලා ඔහුට පහර දී ඇති  ආකාරය  දැක්වෙන ඡායාරූප කීපයක් හා  හඩ පටයක් ඔහු පොලිස් අත් අඩංගුවේදීම සිය  මිතුරන් කීප දෙනෙකු වෙතම යවා තිබීමය.

තමාට එල්ල පහර දුන් බව කියා තරුණයා මිය යන්නට පෙර මිතුරන්ට යැවූ ඡායාරූපයක්…

දෙවැන්න තරුණයාව අත් අඩංගුවට ගත් අවස්ථාවේම ඔහුට පොලීස් නිලධාරීන් පහර දෙන බවට ලද ආරංචියක් මත තරුණයාගේ දෙමව්පියන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය කාර්යාලයට ඉදිරිපත් කර ඇති පැමිණිලි දෙකය. මරණ පරීක්ෂණයේ විද්‍යාත්මක සාධක සමග ගැලපෙන්නේ මෙම කරුණුය. 

මෙම මරණය පොලිසි පහරදීමකින් සිදුවූ බව සනාථ  වීමත් සමගම    කුපිත වූ ජනතාව වඩුක්කෝඩෙයි පොලීසියට පහර දීමට කණ්ඩායම් වශයෙන් පැමිණිහය. එම අවස්ථාවේ දී  පොලිස් විශේෂ කාර්ය බලකාය හා ආරක්ෂක අංශ නිලධාරීන් කැඳවා මාර්ග බාධක යොදා පොලිස් ස්ථානයේ ආරක්ෂාව දැඩි කර මිනිස්සුන්ගෙන් පොලිසිය බේරා ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

පොලිිසය මිනිස්සුන්ගෙන් බේරා ගන්න දැමූ මාර්ග බාධක…

මෙම මරණය සම්බන්ධයෙන් පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පත් කළ විශේෂ කමිටුවක් පරීක්ෂණ පවත්වන අතර එම කමිටුව විසින් මුලින්ම තරුණයා අත් අඩංගුවට ගත් පොලීස් නිලධාරීන් දෙදෙනාව වෙනත් පොලිස් ස්ථාන වෙත මාරු කර යවා ඇත. 

මානව හිමිකම් කොමිසම වෙත කළ පැමිණිලි සම්බන්ධව වෙනම පරීක්ෂණයක් පැවැත්වේ. 

 

 .

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත් අඩංගුවට ගත් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ඇතුළු නිලධාරින් සිවු දෙනා රිමාන්ඩ්!

Next Post

වෘත්තිකයින්ට පයින් ගැසූ ආණ්ඩුවලට හැමදා අත් වුනේ කුණු බක්කිය… වෘත්තිකයෝ ආණ්ඩුවට කියති!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.