ඉමියුනොග්ලොබියුලින් (Immunoglobulin) ඖෂධ වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ , ගණකාධිකාරිවරයාව, සහකාර අධ්‍යක්ෂකවරයෙක් සහ ඖෂධවේදියෙක් එළැඹෙන 29 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර කිරීමට මාළිගාකන්ද අධිකරණය අද (20) නියෝග කළේය.
මෙසේ අත් බන්ධනාගාරගත කරනු ලැබුවේ වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක ලෙස කටයුතු කළ ඖෂධවේදී සුජිත් කුමාර යන පුද්ගලයන්ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගත් මෙම නිලධාරීන් සිව්දෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වෙත අද පස්වරුවේ ඉදිරිපත් කෙරිනි.







