බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යතිවරයෙකුගේ දිවි සැරි ලකුණු ! මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ 78 වස් සපුරති…

by editor
නොවැම්බර් 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජීවි­ත­යෙන් අඩ­කට වඩා වැඩි කාල­යක් දේව සේවය වෙනු­වෙන් කැප­කර ඇති මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පාණෝ භාෂා ගණ­නා­වක නිපු­ණ­ත්ව­ය­කින් හෙබි පඬි­ව­ර­යෙකි; ලේඛ­ක­යෙකි; ශුද්ධ බයි­බ­ලය පිළි­බඳ විශා­ර­ද­යෙකි; චතුර දේශ­ක­යෙකි; වති­කා­නයේ ඉහළ තානා­න්තර රැසක් දැරූ රාජ්‍ය තාන්ත්‍රි­ක­යෙකි. එවැනි බහු­විධ භූමි­කා­වන් නිරූ­ප­ණය කරන උන් වහන්සේ ලාංකේය කිතුනු ජන­තා­වගේ ආධ්‍යා­ත්මික නාය­කයා වුවද නිර­න්ත­ර­යෙන්ම සිංහල බෞද්ධ සංස්කෘ­තික උරු­ම­යන් අගය කර­න්නෙකි. ආග­මික සහ­ජී­ව­නය මහ­පො­ළොවේ යථා­ර්ථ­යක් බවට පත් කිරී­මට කැප වූ නාය­ක­යෙකි.

දොන් විලි­යම් සහ මේරි විනි­ෆ්‍රීඩා දම්ප­තීන්ට දාව 1947 නොවැ­ම්බර් 15 දා පොල්ග­හ­වෙ­ලදී උපන් කුලු­ඳුල් පුත්රු­ව­නට නම් තැබෙන්නේ පට­බැ­ඳිගේ දොන් ඇල්බට් මැල්කම් රංජිත් ලෙසිනි.

ගමන් මඟ

“මගේ පියා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ සේවය කළ නිසා ඔහු මාරු­වීම් ලබා යන යන ප්‍රදේ­ශ­ව­ලට අප­ටත් යන්න සිදු වුණා. නංගිලා තුන්දෙ­නත් ඉප­දු­ණාට පස්සේ අපි අන්ති­මට කොළ­ඹට ඇවිත්, මගේ මවු පාර්ශ්වයේ ගම වූ මෝදර පදිංචි වුණා. මුලින්ම මම ගියේ ගමේ සිංහල පාස­ලට. ඊට පස්සේ මෝදර ‘ද ලාසාල්’ විද්‍යා­ල­යට ඇතු­ළත් වුණා. ඒ කාලේ අපේ ගේ තිබුණේ පල්ලිය ළඟ­මයි. පල්ලි නොගි­යත් දේව මෙහෙය අපට හොඳට ඇහෙ­නවා. ඒ කාලේ හිටපු ප්‍රංශ ජාතික පිය­තුමා කුඩා අප නිත­රම පල්ලියේ වැඩ­ක­ට­යු­තු­ව­ලට සම්බන්ධ කර­ගත්තා.

පිය­තු­මකු වීමේ මගේ ආශාව තවත් මෝරලා වැඩුණේ පාසල් ශිෂ්‍ය­යකු විදි­හට මඩු පල්ලියේ තිබුණු ඥාන­කා­න්ති­ය­කට සහ­භාගි වීම නිසා. එහිදී මට ෆ්‍රෑන්ක් මාකස් ප්‍රනාන්දු පිය­තුමා හමු වුණා. ඊට පස්සෙත් අවස්ථා දෙක තුන­කදී උන් වහන්සේ හමු වුණාම නිත­රම මගෙන් අහපු ප්‍රශ්න­යක් තමයි, ‘කල්දේ­රම් බත් කන්න එන්නෙ නැද්ද?’ කියලා. ඒ ආරා­ධ­නා­වයි, හිතේ තිබුණු හීන­යයි දෙකම නිසා මට හිතුණා පූජා ප්‍රසා­දි­ව­ර­යකු වීමේ සිහි­නය සැබෑ කර­ගන්න දෙව්ස­ත්හ­ලට ඇතු­ළත් විය යුතුයි කියලා.”

“මේ අතරේ මා රැකි­යා­වක් සොයා­ගන්න මහන්සි වුණා. ඒත් අවු­රු­ද්ද­කට දෙක­කට රැකියා දෙන්න කවු­රුත් කැමැති වුණේ නැහැ. ඒත් එවක විසූ කාදි­න­ල්තුමා කිවු­වනේ රැකි­යා­වක් කරන්න කියලා. මට ‘සෙඩෙක්’ ආය­ත­නයේ රැකි­යා­වක් හොයා­ගන්න පුළු­වන් වුණා. ඒ කාලේ ගංව­තු­රක් ඇවිත් සූරි­ය­ක­න්දෙන් කොට­සක් කඩා­ගෙන ගිහින් පවුල් 26ක ගෙවල් කැඩිලා උන්හිටි තැන් නැති­වෙලා. ඔවුන්ට රජ­යෙන් ඉඩම් දීලා තිබුණා කොළොන්න ප්‍රදේ­ශයේ. සෙඩෙක් ආය­ත­නයේ එව­කට සිටි අධ්‍යක්ෂ පිය­තුමා ඒ ඉඩම් සංව­ර්ධන ව්‍යාපෘ­තිය භාරව මාව යැවුවා. මා එහේ ගිහින් ප්‍රාදේ­ශීය ලේක­ම්තු­මාගේ නිල නිවෙසේ පදිංචි වෙලා ඒ වැඩ­ ක­ට­යුතු කළා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ගුරු භූමි­කාව

“එහෙ කාල­යක් වැඩ කළාට පස්සේ එව­කට සිටිය කාදි­න­ල්තුමා මට කිවුවා ඇවිත් කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යා­ලයේ ගුරු­ව­ර­යකු විදි­හට වැඩ කරන්න කියලා. මේ විදි­හට අවු­රුදු එක­හ­මා­රක් විතර ගියාට පස්සේ මා කාදි­න­ල්තු­මාට කිවුවා, ආයේ පූජා­ත්ව­රය ලබා­ගන්න කැමැ­තියි කියලා. ඒ අද­හ­සට මගෙ පියා කැමැති වුණේ නැහැ. එහෙත් මගෙ හිතේ ස්ථිර අද­හ­සක් තිබුණා, පූජ­ක­තු­මකු වෙන්න තැබූ අඩිය ආයේ පස්සට ගන්නෙ නෑ කියලා. ඒ අනුව මා නැවත දෙව්ස­ත්හ­ලට ඇතු­ළත් වුණා. දේව­ධ­ර්ම­වේදී උපා­ධිය හැදෑ­රී­මට කාදි­න­ල්තුමා මාව රෝමයේ ‘උර්බානු’ විශ්ව­වි­ද්‍යා­ල­යට යැවුවා.Ó

එහිදී අප්‍රි­කාව, ආසි­යාව, දකුණු අමෙ­රි­කා­වට අයත් රට­වල් 43කින් පැමිණි සිටි සිසුන් සමඟ පූජා­ත්ව­ර­යට සූදා­නම් වීමේ අන්ත­ර්ජා­තික අත්දැ­කීම ලබ­මින් විවිධ සංස්කෘ­තීන්, ජාතීන්ගේ වෙන­ස්කම් හඳු­නා­ගැ­නී­ම­ටත් ඒ අතර ජීවත් විය යුතු ආකා­රය අව­බෝධ කර­ගැ­නී­ම­ටත් උන්ව­හ­න්සේට හැකි විය. විශේ­ෂ­යෙන් සිංහල, ඉංග්‍රීසි සහ දමිළ භාෂා­ව­ලට අම­ත­රව ඉතාලි, ජර්මානු, ප්‍රංශ, හෙබ්‍රෙව්, ග්‍රීක, ලතින් සහ ස්පාඤ්ඤ භාෂා ප්‍රගුණ කළ උන්ව­හන්සේ උපා­ධිය ලබා­ගැ­නී­මෙන් පසුව රෝම­යේ­දීම පූජා­ත්ව­රය ලබා­ගැ­නී­මට විශේෂ අව­ස­ර­යක් ලැබූහ.

“මා කුඩා කාල­යේදී ඉගෙ­නු­මට අති දක්ෂතා දැක්වූ ශිෂ්‍ය­යෙක් නෙවෙයි. ඒත් මහන්සි වෙලා ඉගෙ­න­ගැ­නී­මට සහ ඉගෙ­න­ගත් දෙයින් ප්‍රයෝ­ජන ගැනී­මට මා තුළ විශාල උන­න්දු­වක්, කැප­වී­මක් තිබුණා. ඒ නිසාම පූජා­ත්ව­රයේ සිට පශ්චාද් උපා­ධිය දක්වා මගේ අධ්‍ය­යන කට­යුතු ඉතා සාර්ථ­කව සිදු කිරී­මෙන් පසු නැවත ලංකා­වට ආවා. මගේ පූජක දිවියේ වැද­ගත් ඊළඟ පරි­ච්ඡේ­දය ආරම්භ වුණේ ඉන් පසු­වයි. මා පත් කෙරුණේ පමු­ණු­ගම මීසමේ කැපු­න්ගොඩ, දුන්ග­ල්පි­ටිය කියන දේව­ස්ථාන භාර­වයි.”

කටු­ක­ත්වය

“මා නවා­තැන් ගත්තේ පල්ලිය පිටි­පස්සේ මුහුද අයි­නට වෙන්න තිබුණු සංක්‍රි­ස්ති­යන් කාමරේ. නිදා­ගත්තේ කොහු ලණු­ව­ලින් වියපු ඇඳක පැදු­රක් දාගෙන. බාත්රූම් නැහැ. තනි­ක­රම වැල්ල නිසා ළිඳ­ක්වත් තිබුණේ නැහැ. පූජා­වට උදවු වන දරු­වන් සති­ය­කට සැර­යක් ටිකක් ඈත තිබුණු ළිඳ­කින් වතුර ගෙනැ­විත් ටැංකි­යක් පුර­ව­නවා. සති­යක් විතර මා අර­ප­රි­ස්ස­මෙන් පාවිච්චි කරන්නේ ඒ වතුර ටික. පල්ලි දෙකේ වැඩ කරන අතරේ මා පමු­ණු­ගම මීසමේ පොදු වැඩ­ව­ල­ටත් උදවු වුණා.”

ඉන් අන­තු­රුව තවත් මීසම් කිහි­ප­යක සේවය කළ මැල්කම් රංජිත් පිය­තුමා කොළඹ අග­ර­ද­ගුරු පද­වියේ සමාජ සේවා ආය­ත­නය වන ‘කරි­ටාස්’ ආය­ත­නයේ අධ්‍යක්ෂ පිය­තුමා ලෙස යුක්තිය, සාමය හා සංව­ර්ධ­නය පිළි­බඳ කට­යුතු කර­මින් ‘සෙත්ස­රණ’ ආය­ත­නය පිහි­ටු­වී­ම­ටද කට­යුතු කළේය. එහිදී ජනතා සුබ­සි­ද්ධිය වෙනු­වෙන් සක්‍රිය සේවා­වක් ඉටු කිරී­මට උන්ව­හ­න්සේට හැකි විය. ශුද්ධෝ­ත්තම පිය­තු­මාගේ අන්ත­ර්ජා­තික ධර්ම­දූත සංග­ම්වල ශ්‍රී ලාංකේය නියෝ­ජි­ත­ව­රයා ලෙස කට­යුතු කර­මින් සිටි­යදී කොළඹ අග­ර­ද­ගුරු පද­වියේ සහා­යක රද­ගු­රු­තු­මකු ලෙස පත්වීම් ලැබීම විශේෂ අව­ස්ථා­වක් විය.

මෙහෙ­වර

“ඒ වෙද්දි මගේ ආධ්‍යා­ත්මික අධ්‍ය­ක්ෂව සිටි ඔස්වල්ඩ් ගෝමිස් හිමි­පා­ණන්ද කොළඹ පදි­වියේ සහා­යක රද­ගුරු විදි­හට කට­යුතු කර­මින් හිටියා. මට වඩා අවු­රුදු ගණ­නක් වැඩි­ම­හල් වගේම, මට වඩා බොහෝ අත්දැ­කීම් ඇති එතුමා සමඟ එකට සේවය කිරී­මට ලැබී­මත් භාග්‍ය­යක් වුණා. මම මීස­ම්වල පරි­පා­ලන කට­යුතු සම්බන්ධ වග­කි­ව­යුතු නිල­යක කට­යුතු කර­මින් සිටින අතර, 1995 ජන­වාරි මාසේ පාප් වහ­න්සේගේ ශ්‍රී ලංකා සංචා­රය සංවි­ධා­නය කිරීමේ කමි­ටුවේ සභා­පති ලෙස කට­යුතු කළා. සංචා­රය අව­සන් කර පිටත් වීමට පෙර මා පාප් වහ­න්සේට සුබ පතන්න වති­කාන තානා­පති නිවෙ­සට ගිය අව­ස්ථාවේ උන් වහන්සේ මගෙන් ඇහුවා, පද­වි­යක් භාර ගන්න කැමැ­තිද කියලා. මා කිවුවා, “මම කව­දා­වත් කිසි දෙයක් ඉල්ල­ලත් නැහැ, ඉල්ල­න්නෙත් නැහැ, ඕනෑම තැන­කට යවන්න,” කියලා. “එහෙම නම් ලෑස්ති වෙලා ඉන්න,” කියලා උන් වහන්සේ කිවුවා. නොවැ­ම්බර් මාසයේ ගාල්ල පද­විය දෙකට බෙදලා කෑගල්ල හා රත්න­පුර දිස්ත්‍රික්ක දෙක රත්න­පුර පද­විය කියලා නම් කරලා ඒක මට භාර දුන්නා.

තවත් වසර 6ක් පමණ යද්දි මට නැව­තත් මාරු වීමක් ලැබුණා. පූජක ජීවි­තය කියන්නෙ එහෙම ගම­න­කට; ස්ථිර තැනක් නැහැ. යන්න කිවු­වාම බඩු පෙට්ටිය අකු­ළා­ගෙන යා යුතුයි. ඒ සැරේ මාව යැවුවෙ රෝම­යට. එය විවිධ හැල­හැ­ප්පීම් ඇතුළු අමි­හිරි අත්දැ­කීම් මැද ගත වුණු කාල­යක්. ධර්ම­දූත සංග­ම්වල අන්ත­ර්ජා­තික සභා­පති ධුරය දර­මින්, අග­ර­ද­ගු­රු­ව­ර­යකු ලෙසත් කට­යුතු කළා. ඊළඟ පත්වීම ලැබුණේ ශුද්ධෝ­ත්තම පාප් වහ­න්සේගේ තානා­පති රද­ගුරු විදි­හට ඉන්දු­නී­සි­යා­වට. සාමා­න්‍ය­යෙන් ඒ තන­තු­රට පත් කරන්නේ ඒ වෙනු­වෙන් විශේෂ නිකේ­ත­න­යක වසර ගණ­නක් අධ්‍යා­පන ලබලා, විභාග සමත් වෙලා, ලේකම් පිය­තු­මකු ලෙස කට­යුතු කළාට පසු­වයි. ඒත් ඒ කිසිම සුදු­සු­ක­මක් හෝ පුහු­ණු­වක් නැතිව මා ඒ තන­තු­රට පත් කළා. මා හැම විටම ප්‍රශ්න කිරී­ම­කින් තොරව දුන්න පත්වීම පිළි­ගත්තා.

ඉන්දු­නී­සි­යාව කියන්නේ ඉතා දියුණු ඉස්ලා­මීය රටක්. වසර දෙකක සේවා කාල­ය­කින් පසු ශුද්ධෝ­ත්තම පිය­තුමා නැවත මාව රෝම­යට කැඳවා, ජන වන්දනා සහ සක්‍ර­මේන්තු පිළි­බඳ සසුන් නියෝ­ජිත ලේකම් ලෙස පත් කළා. එහි වසර පහක සේව­ය­කින් පසු නැවත ලංකා­වට පැමි­ණියා.”

එය මවු­බිම ත්‍රස්ත­වාදී යුද්ධ­යෙන් ගිනි ගනි­මින් තිබූ අව­ධි­යයි. 1995 අප්‍රේල් කතෝ­ලික සභාව විසින් ආරම්භ කරන ලද ජාතික සම්මේ­ල­නයේ සාමය පිළි­බඳ විෂ­යය මෙහෙ­ය­වනු ලැබුවේ මැල්කම් රංජිත් රද­ගු­රු­ව­ර­යාය. යුද්ධය ඉතා දරුණු ලෙස ඇවි­ළෙද්දී එව­කට ජන­ප­තිනි චන්ද්‍රිකා කුමා­ර­තුංග හමු වී සාමය වෙනු­වෙන් සාකච්ඡා පැවැ­ත්වීමේ අව­ශ්‍ය­තාව මතු කර­මින් මන්නා­රමේ රද­ගු­රු­තු­මා­ගේද සහාය ඇතිව නෝර්වේ ඇතුළු අන්ත­ර්ජා­තික සංවි­ධාන සහ එල්ටී­ටී­ඊය සමඟ සාකච්ඡා කර 2001 වස­රේදී අවි බිම තැබීමේ ගිවි­සුම අත්සන් කිරී­ම­ටද උන්ව­හන්සේ දායක වූහ.

බෙන­ඩික්ට් පාප් වහන්සේ විසින් උන් වහන්සේ 2009දී කොළඹ අග­ර­ද­ගුරු ලෙසත්, 2010දී කාදි­නල් තන­තු­ර­ටත් පත් කරන ලද අතර, 2010දී ශ්‍රී ලංකා රද­ගු­රු­ව­රුන්ගේ සම්මේ­ල­නයේ සභා­පති ලෙස තේරී පත් වූහ. අධ්‍යා­ප­නයේ අගය මනාව වට­හා­ගත් මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පාණෝ 2015දී මීග­මු­වේදී 16 වැනි බෙන­ඩික්ට් සංස්කෘ­තික ආය­ත­නය ස්ථාපිත කිරීමේ නිය­මු­වාද වූහ.  (සුරේකා නිල්මිණි ඉලං­කෝන් – දිනමිණ )

Share69Tweet43
Previous Post

වන අලින්ට රුදුරු මරණය උරුම කරන හක්කපටස් බෝම්බ සහිතව අත් අඩංගුවට ගත් පුද්ගලයෙකුට අධිකරණය රුපියල් එක් ලක්ෂ පනස් දහසක දඩයක් නියම කරයි…

Next Post

ෂාෆි අංක 02 – ජනාධිපතිත් වටේ යවන පොලිස් කුපාඩිකම්වලට “වෙරි සොරි” කියන පොලිස්පතිටත් “වෙරි සොරි”….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.