ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එරට තරුණ පරපුරට ඉදිරි අවුරුදු විසි පහක කාලය ඉන්දියාව ලොව බලගතු රාජ්‍යක් කිරීම සඳහා කැපකරන ලෙසට ඉල්ලමින් එරට අනාගත සැලසුම් අද දින අනාවරනය කළේය.
අග්‍රාමත්‍යවරයා මේ බව පවසා සිටියේ අද ඉන්දියාවේ 76 වන ජාතික දිනය සැමරීම වෙනුවෙන් නව දිල්ලි රතු බලකොටුවේ පැවති විශේෂ උත්සවයට එක්වෙමිනි.
එහිදී මෝදි අග්‍රාමත්‍යවරයා පෙන්වා දී සිටියේ ඉන්දියාව ලොව බලගතු සහ සංවර්ධිත රාජ්‍යක් කිරීමට අවශ්‍ය අඩිතාලම මේවන විටත් යොදා ඇති බවයි. ඒ සඳහා ඉදිරි වසර විසි පහක කාලය අත්‍යාවශ්‍ය බවත් ඊට ඉන්දීය තරුණ පරපුර කැපවී කටයුතු කළයුතු බවද පෙන්වාද දුන්නේය.
මෙහිදි ඉන්දියාව කාලාපයී ඩිජිටල් බලවතා වීමේ සැලසුම්ද අග්‍රාමත්‍යවරයා විසින් ගෙනහැර දැක්වූ අතර එහිදී ඔහු පෙන්වා දෙමින් කියා සිටියේ නුදුරේදීම ඉන්දීය ජනතාවට 5ජී තාක්ෂණය භාවිතා කිරීමට අවකාශය සලසා දෙන බවයි.
ඉන්දියාව තුල නව තොරතුරු තාක්ෂණික ව්‍යපාර ආරම්භ කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට මේවන විටත් පියවරගෙන ඇති බවද හෙතෙම පැවසීය.
මෙම අදහස් දැක්වීමේද මෝදී ජනාධිපතිවරයා විසින් ටෙලි ප්රොම්පටර් තිරය පසෙකලා සිය අදහස් සිතැගි පරිදි ප්‍රකාශ කිරීමට පියවරගෙන තිබූ අතර එය ඉන්දීය මෙන්ම ජාත්‍යන්තර අවධානයට දිනා ගැනීමට සමත්විය.
මෙහිදී ඔහු පෙන්වා දී සිටියේ ඉන්දියාව සතුව පවතින ශක්තිය සහ නව පාරම්පාරව තාක්ෂණිකව බලවත් කිරීම මගින් ඉදිරි ආර්ථීක සහ සමාජීය අරමුණ ඉටු කරගැනීමට ඇති හැකියාවයි.
ඉන්දියාව මේවන විට ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් වන අතරම එරට සතු ශ්‍රම බලකාය එම ගමන වේගවත් කිරීමට සමත්ව ඇත.







