පැය 3ක කාලයක් දෛනිකව විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර තිබේ. හෙට 19 වනදා දක්වා මෙම විදුලි කප්පාදුවට අවසර ලබා දී තිබේ.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20ක කාලයක් ලෙස විදුලිය කප්පාදුව සිදු කෙරෙනු ඇත.
එමෙන්ම CC කාණ්ඩයට අයත් ප්‍රදේශවලට උදෑසන 6ත් 8.30ත් අතර කාලයේ පැය 2යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරේ.
තවද M,N,O,X,Y,Z යන කලාප සඳහා උදෑසන 5.30ත් 8.30ත් අතර පැය තුනක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.