අසත්‍ය හා අවමන් සහගත ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ එහි කීර්ති නාමයට හානි කළ බව කියමින් රුපියල් බිලියන දෙකක වන්දියක් ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ජාතික ක්‍රීඩා කවුන්සිලයේ නව සභාපති අර්ජුන රණතුංග වෙත එන්තරවාසියක් යවා තිබේ.
අර්ජුණ රණතුංග වෙත මෙම එන්තරවාසිය යැවීමට හේතුව වන්නේ පසුගියදා දෙරණ බිග් ෆෝකස් වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු කළ ප්‍රකාශයන්ට එරෙහිවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (අගෝස්තු 15) පැවති හදිසි රැස්වීමක් කැඳවා එම රූපවාහිනී වැඩසටහනේ දී අර්ජුන රණතුංග විසින් අසත්‍ය, අවමන් සහගත සහ විකෘති ප්‍රකාශය කළ බවත් ඒ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඔහුට එරෙහිව සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එකඟ වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර තිබිණි.
රුපියල් බිලියන දෙකක වන්දියක් ඉල්ලා අර්ජුන රණතුංග වෙත එන්තරවාසියක් යොමු කරන්නේ ඉන් අනතුරුවය.
(බිග් ෆෝකස් වැඩසටහන)