පානදුර මූලික රෝහල ඉදිරිපිට දී ගිලන්රථ රියදුරෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදුකිරීමට තැත්කළ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය අපේක්ෂා කරයි.
සැකකරුවන්ගේ ඡායාරූප පොලිසිය විසින් අද මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
සැකකරුවන් දෙදෙනා පිළිබඳව නිවැරදි තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිසිය අපේක්ෂා කරයි.
මෙම සැකකරුවන් පිලිබඳව තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත හැකි ඉක්මණින් දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
නියෝජ්‍ය පොලිස්පති, බස්නාහිර පළාත අපරාධ දිසාව – 071-8592686
අධ්යක්ෂ, කළුතර අපරාධ කොට්ඨාසය – 071-8592745