ලලිත් චාමින්ද
මෙරට කාන්තාවන්ට එරෙහි මිනිමැරුම් අපරාධවල වැඩිවිමක් දක්නට ඇති අතර ඉකුත් වර්ෂ තුන තුළදි (2020,2021,2022) කාන්තාවන් 263 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බැව් ශ්‍රි ලංකා පොලිසිය විසින් 2022 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවේ සදහන් වේ.
ඉකුත් වර්ෂයේ දි (2022) කාන්තාවන් 102 නෙකු ඝාතනයට ලක්ව තිබුණි. එමෙන්ම 2021 වර්ෂයේ දි කාන්තාවන් 79 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති අතර එම වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේ දි කාන්තා ඝාතන සංඛ්‍යාව සියයට 29කින් ඉහලගොස් ඇති බවද මෙම වාර්තාව මගින් පෙන්වා දි ඇත.2020 වර්ෂයේ දි ඝාතනයට ලක්ව ඇති කාන්තාවන්ගේ සංඛ්‍යාව 82කි.
එමෙන්ම කාන්තා මිනිමැරුම්වලට අමතරව ස්ත්‍රි දුෂණ,මිනිමැරිමට තැත්කිරිම, බරපතල තුවාල සිදුකිරිම,බරපතල ලිංගික අපයෝජන,අපහරණය, පැහැරගෙනයාම, කාමුක සංසර්ගය සදහා ස්ත්රින් සැපයිම, ආදි කාන්තාවන්ට එරෙහි බල අපරාධ 600ක් ඉකුත් වර්ෂයේ දි වාර්තා වී ඇත. 2021 වර්ෂයේදි කාන්තාවන්ට එරෙහි බලඅපරාධ 568ක් වාර්තා වි ඇති අතර 2020 වර්ෂයේ දි කාන්තාවන්ට රරෙහිව වාර්තාවි ඇති බල අපරාධ සංඛ්‍යාව 595කි.







