සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙදා යලත් අතින් පාඩුයි… නිශ්පාදනයට මිලක් නියම කරන්න බැරි වී ගොවියට විතරයි!

by editor
අගෝස්තු 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

මෙවර යල කන්නයේ වී නිෂ්පාදනය සඳහා වැයකල මුදලට අනුව ලාභයක් ලබා ගැනීමට රජය විසින් වී කිලෝවක් සඳහා නියම කරනු මිල සාධාරණ නො  වන බවත්,   අවම වශයෙන් වී කිලෝවක් සදහා රුපියල් 200 ක් මිළකටවත් ලබාදිය යුතු බවත් පුලතිසි ගොවි වෙළෙඳ   පාරිභෝගික හවුල පවසයි.

අද (21) පෙරවරුවේ වැලිකන්දේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන්  සඳහන් කළේ සෑම නිශ්පාදනයකම මිල නිශ්පාදකයා විසින් තීරණය කළත් එම අයිතිය වී ගොවියා සතුව නැති බවය.

පුලතිසි, ගොවි, වෙළඳ, පාරිභෝගික හවුලේ අනුශාසක, දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් විසින් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි,

මෙවර යල කන්නයේ නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120 ක් ද, සම්බා  වී  කිලෝවක් සඳහා රුපියල් 125ක්ද, කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 130 කද  රජය විසින් නියම කර තිබිණි.

අක්කර දෙකහමාරක් වී වගා  කර වි  අස්වනු මිලදී  ගැනීම දක්වා ගොවියාට රුපියල් ලක්ෂ තුනහමාරක්, හතරක්, පමණ මුදලක් පමණ වැය වී ඇති බැවින් රජය විසින් වී සඳහා නියම කරන ලද මුදලින් මෙවර යල  කන්නය යන්නේත් අතේ පාඩුවට බව ගොව නියෝජිතවරු කාරණා සහිතව පෙන්වා දුන්හ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පුලතිසි, ගොවි, වෙළෙඳ, පාරිභෝගික හවුලේ අනුශාසක දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ මෙලෙස සඳහන් කළහ.

“අද පවතින මිල ගණන් අනුව ගොවියාට අක්කර දෙකහමාරක් වී වගා කිරීම සඳහා රුපියල් ලක්ෂ 3 ක්, 4ක් පමණ මුදලක් වැය වෙනවා. කෘමිනාශක වල්නාශක ඩීසල් ගණන් අහස් උසට නැගල. මෙවර යූරියා පොහොර මිටි දෙකක් ලබා දුන්නා. නමුත් ගොවියාට අක්කර දෙකහමාරකින් ලබා ලබාගන්න  පුළුවන් වන්නේ වී කිලෝ  3000ක්, 3500 ක් විතර ප්‍රමාණයක්, ගොවියා ආහාරයට වී කිලෝ 1000 ක් මාස හයට තබා ගත්තොත් වී කිලෝ 2000 පමන තමයි ඉතිරි වෙන්නේ.

වී කිලෝ 2000 රුපියල් 120 ගානේ දුන්නොත් ගොවියගේ අතට ලැබෙන්නේ රුපියල් 2,40,000 ක් පමණ, මුදලක්, එහෙම වුනොත් ගොවියාට අතින් පාඩුයි, ඒ නිසා මම මහවැලි බී කලාපයේ ගොවීන් සහ සමස්ත ගොවීන් වෙනුවෙන් රජයෙන් ඉල්ලන්නේ අඩුම තරමේ වී කිලෝවක් සඳහා පාලන මිලක් දාලා රුපියල් 200ක් වත් නියම කරන්න කියලා. එහෙම කළොත් අපිට හාල්  පාරිභෝගිකයන් ආරක්ෂා කරගනිමින් හාල් කිලෝ එකක් රුපියල් දෙසිය 250කට අඩුවෙන් ලබාදීමේ හැකියාවක් තිබෙනවා.“

අද හාල්වලින්  වැඩිපුර ලාභ උපයන්නේ කළුකඩ හාල්  මුදලාලිලා.   මේක අසාධාරණයි. ඒ නිසා වී ගොවියා වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකසා වී ගොවියාට සහනයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. අද අපි දානය වළඳලා මේ පන්සල් දියුණු කරන්නේ මේ ප්‍රදේශයේ අසරණ ගොවි ජනතාව හින්දා. ඔවුන් දුක් මහන්සියෙන් වී වගා කරලා ගන්න ආදායමෙන් තමා රටේ ගොඩක් වැජඹෙන්නේ. ඒ නිසයි අපි මෙව්වට හඬක් නගන්නේ“ යැයි දිඹුලාගල රාහුලාලංකාර  නාහිමියෝ  සඳහන් කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

‘අහසින් ඖෂධ’ ගෙන යන ඩ්‍රෝන ව්‍යාපෘතිය ඇරඹේ

Next Post

වසන්තලාගේ  රැඳවුම් නියෝගවලට අත්සන්  තැබුවොත් ඒ දිනය  ලංකාවට අඳුරු දිනයක් වේවි – එක්සත් ජාතීන් ජනපතිට කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.