ඩ්‍රෝන යාත්‍රා මඟින් ඖෂධ බෙදාහැරීමේ සේවාවක් අරුනාචල් ප්‍රදේශ් හිදී ආරම්භ කර ඇති අතර පළමුවරට නැගෙනහිර කමෙන්ග් දිස්ත්‍රික්කයේ සෙප්පා සිට චයාන්ග් තාජෝ දක්වා ඖෂධ යැවීමට කටයුතු කර තිබේ.
“ඉන්දියාව ලෝකයේ ප්‍රධාන ඩ්‍රෝන මධ්‍යස්ථානය කිරීමේ අරමුනින් කටයුතු කරන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතාගේ සංකල්පයකට අනුව ඩ්‍රෝන සේවාවක් ආරම්භ වුණා.. අරුනාචල් ප්‍රදේශ් හි රජය එම සේවාවේ පළමු ව්‍යාපෘතිය සෞඛ්‍ය සේවා කටයුතු සඳහා ඩ්‍රෝන යොදා ගන්න පුළුවන් ද කියලා බැලුවා. මීට අමතරව කෘෂිකර්මය, ආපදා කළමණාකාරන්‍ය වගේ ක්ෂේත්‍ර සඳහාත් ඩ්‍රෝන යොදාගන්න බලනවා..” ප්‍රධාන අමාත්‍ය පෙමා ඛන්දු ට්විටර් පණිවිඩයක් තබමින් පවසයි.
“මෙඩිසින් ෆ්‍රොම් ස්කයි (අහසින් ඖෂධ)’ ව්‍යාපෘතිය ඩ්‍රෝන යාත්‍රාවලින් කෙරෙන පළමු ව්‍යාපෘතිය වෙන අතර එය ‘අසාඩි කා අම්රිට් මහෝත්සව්’ උත්සවයට සමගාමීව දියත් කළ බව ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය සදහා අනුග්‍රහය දක්වා ඇත්තේ ‘ජාත්‍යන්තර සංවර්ධනයන් සඳහා වන එක්සත් ජනපදයේ ආයතන’ (USAID) විසිනි.







