දිනසේන රතුගමගේ
මුලතිව් පුදුකුඩීරිප්පු උඩයාර්කට්ටු කැළයකින් හමු වූ මිසයිලයක කොටස් ඇතුලු මෝටාර් බෝම්බ 21 ක මෑතකදී ප්‍රහාරයක් සදහා සැලසුම් කොට වළ දමන ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් නොවන බව මුලතිව් පොලීසිය විසින් 30 දා මුලතිව් අධිකරණයට වාර්තා කොට තිබුණි.
මෙම මෝටාර් බෝම්බ 21 ක පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගැනීමෙන් පසුව ඒවා පිළිබදව අධිකරණයට තොරතුරු වාර්තා කළ මුලතිව් පොලීසියෙන් එම බෝම්බ සම්බන්ධයෙන් අධිකරණය ප්‍රශ්න කොට තිබුණි.
මෝටාර් උණ්ඩ හමු වීමෙන් පසුව රටතුළ පැතිර ගිය සාවද්‍ය තොරතුරක් නිසා අධිකරණය මේ පිළිබදව කරුණු විමසූ අවස්ථාවේදී පොලීසිය අධිකරණයට වාර්තා කොට තිබුණේ එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් යුද සමයේදී මෙම
මෝටාර් උණ්ඩ වළලා තිබුණු නමුත් ඒවා පරණ හා ඇතැම් ඒවා ක්‍රියා විරහිත නිසා මෑත කාලයේ ප්‍රහාරයක් සැලසුම් කරමින් ඒවා වළදමා නොතිබු බවයි.
ඒ අනුව සොයා ගන්නා ලද මිසයිලයක කොටසක් හා මෝටාර් උණ්ඩ 21 ක පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අධීක්ෂණය මත ජනශුන්‍ය ප්‍රදේශයකදී පුපුරවා විනාශ කිරීමට මුලතිව් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කොට තිබේ.







