දිනසේන රතුගමගේ –
මුලතිව් දිස්ත්‍රික්කයේ තහවුරු කර සංරක්ෂණය කර තිබූ පෞරාණික බෞද්ධ පුරා විද්‍යා ස්ථානයක ගල් කණු දෙකක් ගලවාගෙන යෑම සම්බන්ධ සිද්ධියකට උතුරු පලාත් සභාව නියෝජනය කළ ප්‍රභල දේශපාලඥයෙක් ඇතුළු දස දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් යුද හමුදව විසින් අත් අඩංගුවට ගෙන ඔට්ටුසුඩාන් පොලීසිය වෙත ඊයේ 22 දා බාර දී තිබේ.
කිසියම් පිරිසක් විසින් මෙම ස්ථානයේ අනවසර කැණීමක් කරන බවට හමුදා බුද්ධි අංශය ලද තොරතුරක් මත ඔවුන් එහි ගොස් නිරීක්ෂණය කිරීමේදී විශාල ගක් කණු දෙකක් පටවා ගෙන යන ලොරියක් දැක ගන්නට ලැබී ඇත. ඔවුන්ගෙන් ප්‍රශන කළ අවස්ථාවේදී මතු වූ සැකයක් මත මෙම පුද්ගලයින් පොලීසියට බාර දී තිබේ.
ලොරියේ රියදුරාගෙන් පොලීසිය කළ ප්‍රශ්න කිරීම් වලදී එම ගල් කණු පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරණ ලද භුමියකින් ගලවා ගෙන යන ලද බවට තොරතුරු හෙළි වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පළාත නියෝජනය කළ උතුරු පළාත් සභාවේ ප්‍රබල මන්ත්‍රීවරයෙකු හා කාන්තාවක් ඇතුළු 10 දෙනෙකු ප්‍රශ්න කිරීම සදහා ඔට්ටිසුඩාන් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන්ගෙන් තව දුරටත් ප්‍රශ්න කිරීමෙන් පසුව ඔවුන් මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඔට්ටිසුඩාන් පොලීසිය පියවර ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.







