සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්නාරම සමූහ මිනීවලේ කැණීම් යළි ආරම්භ කිරීමට අධිකරණ නියෝගයක්…  

by editor
පෙබරවාරි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මන්නාරම සතොස.වෙළද  සැල අසලින් හමු වූ සමූහ මිනීවලේ කැණීම් කටයුතු යළි ආරම්භ කරන ලෙසත් මන්නාරම මහේස්ත්‍රාත්වරයා විසින් දැනට නිකුත් කොට ඇති නියෝග කීපයක් බල රහිත කිරීමට ලක් කරන බවත් වවුනියාව මහධිකරණ විනිසුරුවරයා  ඊයේ (22 ) තීන්දුවක්  ප්‍රකාශ කර තිබේ.

2018 වසරේදි මෙම සමූහ මිනීවළ හමු වීමෙන් පසුව එහි කැණීම් කටයුතු සිදු කෙරුණු අතර එම වළේ තිබී මිනිස් ඇට සැකිළි 96 ක් හමු වුණි.

මන්නාරම සමූහ මිනී වළේ කැණීම…

ඉන් සාම්පල 6 ක් ඇමරිකාවේ රසායනාගාරයක් වෙත යවා පරීක්ෂා කිරීමේදී එම මිනිස් ඇට සැකිලි වසර 500 කට වඩා පැරණි බවට තොරතුරු වාර්තා වීමෙන් පසුව එම සමූහ මිනී වල පස් දමා වැසීමට මන්නාරම මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයක් අනුව එම සමූහ මිනීවළ වසා දැමුණි.

එම තීරණය පිළිගත නොහැකි බව කියමින්  මන්නාරමේ ස්වේච්ඡා සංවිධාන දෙකක් වවුනියාව මහාධිකරණයට පෙත්සමක් ගොණු කරමින්  මන්නාරම සතොස වෙළඳසල අසල පිහිටි මිනි වලෙන් හමු වූ මිනිස් ඇට සැකිළි හදුණා ගෙන මිය ගිය පිරිසට සාධාරණයක් ඉටු කොට දෙන ලෙස කළ ඉල්ලීමට අනුව පෙත්සම සලකා බැලූ වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවසගන්ම් ඉලන්චෙලියන්  විසින් මෙම තීන්දු කීපය ලබා දී තිබේ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මතු වී තිබූ වසර පන්සියයක් පරණ බව කී අස්ථි කොටස්…

පෙත්සම ඉදිරිපත් කරණ ලද ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ  ආර්.රත්නවේල්  මාධ්‍යවේදීන්ට කියා සිටියේ මන්නාරම අධිකරණයේදී මේ සම්බන්ධයෙන් වූ නඩු විභාගය පැවැත්වෙන විට මියගිය ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් වූ නීතිඥවරුන්ට රජයේ නීතිඥයාගේ විරෝධය මත පෙනී සිටීමට නොහැකි බවට මන්නාරම අධිකරණයෙන් පනවා තිබූ තහනමද වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා විසින්  ඉවත් කළ බවය.

මාධ්‍යවේදීන්ට එම නඩුව විභාග කිරීම දැක බලා ගැනීමට හා සමුහ මිනී වළේ කැණීම් කටයුතු නිරීක්ෂණය කොට එම ස්ථානයේ ඡායාරූප ගැනීමට පනවා තිබූ අධිකරණ නියෝගයද වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා විසින් බල රහිත කොට තිබේ.

මන්නාරම  සමූහ මිනී වලේ කැණීම් කටයුතු යළි ආරම්භ වූ විට මාධ්‍යවේදීන්ට මීටර් 30 ක දුර සිට සෑම පැයකට වරක් මිනිත්තු 10 ක කාලයක් ඡායාරූප ගනීමට වීඩියෝ කිරීමට හා ප්‍රකාශයන් ලබා ගැනීමට  අවසර ලබා දී ඇති වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා යුද සමයේදී මියගිය හා අතුරුදහන් වූ ඥාතී සංගම් වල නියෝජිතයින්ටද  සමූහ මිනී වලේ කැණීම් කටයුතු යම් කාල පරාසයකට යටත්ව නිරීක්ෂණය කිරීමට අවසර ලබා දී තිබේ.

මන්නාරම සමූහ මිනී වලේ කැණීම් කටයුතු යළි ආරම්භ වන දිනය ප්‍රකාශයට පත් කිරීම මන්නාරම අධිකරණයෙන් සිදු වන බවද ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ  රත්නවේල්   කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලතිව් බොදු උරුමය තහවුරුවන   පුරාවිද්‍යා භූමියක ගල් කණු ගලවා ප්‍රවාහනය කළ දේශපාලකයෙක් අත්අඩංගුවට!

Next Post

කොටදෙණියාවේ මැර කල්ලියේ තවත් සමාජිකයෙක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.