චීවරධාරීන් දෙදෙනෙකුගෙන් ද සමන්විත කොටදෙණියාවේ මැර කල්ලියට සම්බන්ධ යැයි කියන තවත් පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.
මේ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හතර දෙනෙක් මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.
අත්අඩංගුවට ගත් වත්තෙමුල්ල ප්‍රදේශයේ 24 හැවිරිදි එක් සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්නකිරීම්වල දී සිද්දීයට යොදාගත් කඩුවක් සොයා ගැනීමට පොලිසිය සමත් විය.
සැකකරුවන් ද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.







