කුමාරතුංග නමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට ප්‍රශ්නයක් වී ඇති බවට ඊයේ (22) විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ එහි උප සභාපති ජීවන් කුමාරතුංග කුමාර වෙල්ගම ප්‍රමුඛ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කුමාර වෙල්ගම මේ වනවිට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
ජීවන් කුමාරතුංග සිය ඉල්ලා අස්වීම පක්ෂයේ මහලේකම්වරයා වෙත භාර දී තිබිණි.







