කොළඹ මහ නගර සභාවේ තීරණාත්මක බලය හිමි මුදල් කාරක සභාවේ බහුතර බලය දිනා ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමත් වූයේය.
සාමාන්‍යයෙන් පාලන පක්ෂය සතුව පවතින මෙම කාරක සභාවේ බලය පසුගිය 14 වැනිදා පැවැති මාසික සභා රැස්වීමේදී පැවැති රහස් ඡන්දයකින් විපක්ෂය විසින් අත්පත් කරගත්තේ ඡන්ද 60ක් ලබාගනිමිනි.
මුදල් කාරක සභාවට තේරී පත් වූ සාමාජිකයින් වන්නේ
- රොයි බෝගහවත්ත (සජබ)
- තරංග ශානක අතුරලිය (සජබ)
- අනුර සුජීව වීරවර්ධන (සජබ)
- දයාකාන්ත පෙරේරා (පොහොට්ටුව)
- අර්ෂාඩ් නිශාම්ඩීන් (මුස්ලිම් කොංග්‍රසය) යන මන්ත්‍රීවරුන්ය.
මෙහි ඇති බරපතලම තත්ත්වය වන්නේ මහ නගර සභා ආඥා පනතට අනුව නගර සභාවේ ඕනෑම මුදල් ගෙවීමක් හෝ ව්‍යාපෘතියක් සඳහා මෙම කාරක සභාවේ අනුමැතිය අනිවාර්ය වීමය.
නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය නිල බලයෙන් මෙහි සභාපතිත්වය දැරුවද, සෙසු සාමාජිකයින් පස් දෙනාම නියෝජනය කරනු ලබන්නේ විපක්ෂය ය. දැනට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශිත හැසිරීම අනුව පුරෝකථනය කළ හැක්කේ මෙය නගර සභාව තුළ දැඩි අර්බුදයක් නිර්මාණය කරනු ඇති බවය.
ඒකාබද්ධ විපක්ෂය විසින් බලය අත්පත් කරගත් මුදල් කමිටුව විසින් නගරාධිපතිනියගේ මූල්‍ය යෝජනාවලට බාධා කළහොත් නගර සභාවේ දෛනික කටයුතු පවා අඩපණ වීමේ අවදානමක් පවතින බව පෙනී ගොස් ඇත.







