බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් කණ්ඩායමකට මැර ප්‍රහාරයක්.. තිදෙනෙකු රෝහලේ… එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතලයි… මැහුම් 37ක් දාලා…

Former President of the Peradeniya University Students’ Union Rajitha Malalasekera also among them

by editor
ජනවාරි 16, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

  • තුවාල ලබා රෝහල් ගත කළ සිසු පිරිස අතර පේරාදෙණි විශ්ව විද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති රජිත මලලසේකරත්….

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආසන්නයේ උඩපේරාදෙණිය ප්‍රදේශයේදී විශ්වවිද්‍යාලීය සිසුන් පිරිසක් හා ප්‍රදේශවාසි තරුණයින් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලත් සිසුන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා මහනුවර සහ පේරාදෙණිය රෝහල් වලට ඇතුළත් කර තිබේ.

තුවාල ලබා රෝහල් ගත කළ සිසු පිරිස අතර පේරාදෙණි විශ්ව විද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති රජිත මලලසේකර සිසුවාද සිටින බව පොලිසිය පවසයි.

මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා පශු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා ඇතුළු සිසු සිසුවියන් අට දෙනක් දිය නෑම සඳහා උඩ පේරාදෙනියේ පිහිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අයත් ඌරු කොටුව ආසන්නයේ ඇති දිය ඇල්ලක් වෙත ඊයේ (15) පස්වරුවේ ගොස් ඇත.

සිසු පිරිස දිය නාමින් සිටියදී ප්‍රදේශවාසී තරුණයින් සිව් දෙනකු එම ස්ථානයට පැමිණ විශ්වවිද්‍යාලීය සිසුවියන්ට උසුළු විසුළු කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම ගැටුම ආරම්භ වී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

සිසුවියන්ගේ දැනුම් දීම මත පශුවෛද්‍ය පීඨයේ තවත් සිසුු පිරිසක්ද එම ස්ථානයට පැමිණීමත් සමග ප්‍රදේශවාසී තරුණයින් සිව් දෙනා බිඳින ලද බෝතල් වලින් ඔවුන්ට පහර දී තිබෙන බව වාර්තාවේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිසුන් තිදෙනා අතරින් බරපතළ කැපුම් තුවාල ලබා සිටි එක් සිසුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

එම සිසුවාගේ ශරීරයේ ස්ථාන ගණනාවක කැපුම් තුවාල සිදුව තිබීම හේතුවෙන් සැත්කමක් මගින් එම තුවාල වලට මැහුම් 37 ක් යෙදීමට වෛද්‍යවරු පියවර ගෙන ඇත.

පශු වෛද්‍ය පීඨයේ සිසුන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ කළ පේරාදෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පහරදීම සිදුකළ බව කියන තරුණයින් සිව් දෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ වෙළෙඳාම් කරන්නන් බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශනසිදු කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මුදල් කාරක සභාවේ පූර්ණ බලය ඒකාබද්ධ විපක්ෂයට… කොළඹ මහ නගරසභාව යළිත් අර්බුදයක?

Next Post

ඉල්ලීම් දිනාගෙන බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්  වර්ජනය අවසන් කිරීමේ කතාව…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.