ගෝල්ෆේස් අරගල භූමියට පහර දීම නිසා ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයට පාදක වූ පුද්ගලයින් 230ක් අත්අඩංගුවට ගත් බවත්, ඉන් 68 දෙනෙක් බන්ධනාගාරගත කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.
මේ අතර ගෝල්ෆේස් අරගල භූමියට පහරදුන් බව කියන මොරටුමුල්ලේ පදිංචි මොරටුව නගරසභාවේ එක් නගරසභා කම්කරුවෙක් ද වේ.
මේ වනවිට ගෝල්ෆේස් සිදුවීම සම්බන්ධව රහස් පොලිසිය විසින් විවිධ පුද්ගලන්ගේ සාක්ෂි සටහන් කරගනිමින් සිටින බවත්, තුවාල කරුවන්ගේ, පහරකෑමට ලක් වූ වෙනත් පුද්ගලයින්ගේ, ඇසු දුටුවන්ගේ වෙනත් සාක්ෂි එකතුකරමින් සිටින බවත් එසේ සටහන් කරගත් පුද්ගල සාක්ෂි ප්‍රමාණය 170ක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
එමෙන්ම සජීවී විඩියෝ පට, ඡායාරූප මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කරමින් සිටින බවත් පවසයි.
වාහනවලට අලාභානි කිරීම්, නිවාසවලට අලාභානි කිරීම්, ගිනි ගිනි තැබීම් වැනි දේපල හානි 707ක් වාර්තා වී ඇතැයි හෙතෙම කියයි.
තවදුරටත් කියවන්න…
ජොනී අරලියගහ මන්දිරයේ දී “ කපුටෙක් මරා තට්ටක් එල්ලීමට පෙර“…. විනාශයක් නිර්මාණය කරන අයුරු…..