ගෑස් තොගයක් රැගත් නැවක් අද (15) රාත්‍රියේ කොළඹ වරායට පැමිණෙන බව වාර්තා වේ.
පුරා සති 05ක් ගෑස් නිකුත් නොකළ රටක ඇති වී තිබෙන උග්‍ර ගෑස් හිඟයත් සමග ගෑස් ගොඩබෑම වහාම ආරම්භ කිරීමට කටයුතු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
ගෑස් තොගය ගොඩබෑමෙන් පසු වහාම බෙදා හැරීම ආරම්භ කරන ලෙස ලිට්‍රෝ සභාපතිවරයාට දන්වා ඇති බව අගමැති කාර්යාල ආරංචි මාර්ග මාධ්‍යයට පවසා ඇත.
තවත් ගෑස් තොගයක් මැයි 19 දින ගොඩබෑමට නියමිත බව ද වාර්තා වේ.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා අරමුදල් ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලෝක බැංකුව සමඟ සාකච්ඡා කරමින් සිටින අතර මෙම අරමුදල් ලැබුණු පසු මාස තුනක ගෑස් තොග මිලදී ගැනීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.