මැයි 09 අපරාධයට එක් වෙමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයට පහර දීමේ සිද්ධිය සම්බන්ධව මොරටුව නගර සභාවේ සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අද (15) අත්අඩංගුවට ගෙන ඇත .
සැකකරු මොරටුමුල්ල ප්රදේශයේ පදිංචි 49 පුද්ගලයෙකි.
අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවය නිරත පිරිසට මෙම සැකකරු පහරදී කලහකාරී ලෙස හැසිරෙන අන්දම වීඩියෝ පට මගින්, ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත .
කෙසේ වෙතත් මෙම අපරාධය සංවිධානය කළ, රට වටින් ඊට පුද්ගලයින් ප්රවාහනය කරවා ඔවුන්ට මත් පැන් බොන්නට සලස්වා පහර විනාශයට පෙළඹවූ බවට චෝදනා ලැබ සිටින හිටපු අග්රාමාත්ය මහින්ද රජපක්ෂ, මෙම පිරිස් කුපිත කරවමින් ඔවුන් ප්රචණ්ඩත්වයට යොමු කරන ආකාරය දැක්වෙන වීඩියෝ සාධක සහිතව රට ඉදිරියේ හෙළිදරව් වී සිටින ජොන්ස්ටන් ප්රනාන්දු, අපරාධයට එක් වී සිටින ආකාරය ඡායාරූප සහ වීඩියෝ මගින් හෙළිදරවු වුන සනත් නිශාන්ත ඇතුළු ප්රාදේශීය සභා මන්ත්රීවරයෙක් හෝ අත්අඩංගුවට නොගැනීම සම්බන්ධව රජයට චෝදනා එල්ල වී ඇත.