සූරියවැව නුවන් ජයසේකර
හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ තිස්සමහාරාම කිරින්ද මාගම ප්‍රදේශයේ පිහිටි නිවසට පහර දී එහි තිබූ භාණ්ඩ හා වී සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට ඊයේ (14) අත්අඩංගුවට පත් පුද්ගලයන් සිව් දෙනෙක් මේ මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කෙරුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ අක්කර 20, මාගම පදිංචි 41 හැවිරිදි ඩබ්ලිව්.ජී.රංජිත් ප්‍රසන්න, පුස්තෝල මුල්ල,රණකෙළිය,යෝධකණ්ඩිය, තිස්සමහාරාම පදිංචි 51 හැවිරිදි ඊ.ඒ.ප්‍රියන්ත, අංක.182/ඒ, මෝදර පදිංචි37 හැවිරිදි එච්.ඩබ්ලිව්.සමන්ත හා කෝන් වැලෑන, ගෝනගමුව, තිස්සමහාරාමය පදිංචි 36 හැවිරිදි ආර්.ඒ.නිශාන්ත මිල්රෝයි නැමති සැකකරුවන් සිව් දෙනායි.
2022.05.09 දින රාත්‍රි හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ ට අයත් මාගම, කිරින්ද, තිස්සමහාරාම ලිපිනයේ පිහිටි නිවසට කිසියම් පිරිසක් පහරදී ගිනිතබා එහි තිබූ දේපළ සොරාගෙන ගොස් ඇති බවට කිරින්ද පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකල විමර්ශන අනුව ඊයේ (14) රාත්‍රියේ දී කිරින්ද පොලිසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.