ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා පරිපාලන කටයුතු පිළිබඳ එකඟතාවකට පැමිණිමට සියලු මහානයක හිමිවරු සමඟ සාකච්ඡා කළ යුතු බවත්, ඒ වන තෙක් එම විශ්වවිද්‍යාලය වසා දැමීමටත් කැබිනට් මණ්ඩලය අද තීරණය කළේය.
නවකවදය පිළිබඳ සිද්ධියක් නිසා සරසවිය වසා දැමීමට සරසවි බලධාරීන් මින් පෙර තීරණය කර තිබුණේය.
විශ්විද්‍යාලයේ නේවාසිකාගාරවල සිටින සිසුන් 16 වැනිදා සවස 4න් පසු නේවාසිකාගාරවලින් පිටවී යා යුතු බවත් නේවාසිකාගාර යතුරු නේවාසිකාගාර උපපාලකවරුන්ට භාරදෙන දිය යුතු බවත් මහා උපධ්‍යාය හිමියෝ දැනුම් දුන්හ. සඳුදා සවස 4.00 න් පසු නේවාසිකාගාරවලින් සියලු සිසුන් ඉවත්විය යුතු බවත්, අනවසරයෙන් රැඳී සිටියහොත් නීති රීති රෙගුලාසි අනුව කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන අයගෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ කීහ.
මේ වනවිට නවක වදය දීම ඇතුළු චෝදනා හතරක් යටතේ එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තලාවේ ධම්මික හිමියන් පොලිස් අත්ඩං අඩංගුවට ගෙන මෙම මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පලමු වසරේ සිසුන් ගෙන් සහ පාලනාධිකාරියෙන් ලද පැමිණිලි මත සිදු කල විමර්ශනයකින් පසු එම හිමියන් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
විශ්ව විද්‍යාල නවක සිසුන්ට අමානුෂික ලෙස නවක වදය ලබා දීම, අයුතු සිර කර තැබීම, අයුතු අවහිරය සහ සුළු තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ එම නඩුව ගොනුකර තිබුණි.
පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ නවක වද සිදුවීම සම්බන්ධ පුලුල් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා ද පසුගිය 15 දා උපදෙස් දී තිබිණි.







