ශ්‍රි ලංකාවේ පාසල් සිසුන් ගේ නිල ඇඳුම් අවශ්‍යතාවෙන් සියයට 70ක් නොමිලේ ලබා දීමට චීනය මේ වනවිට පියවර ගෙන ඇතැයි කොළඹ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
මෙම නිලඇඳුම් රෙදිවලින් පළමු තොගය මේ වනවිට නැව්ගත කර ඇති බව පවසන තානාපති කාර්යාලය මෙම රෙදි තොගයේ වටිනාකම රුපියල් කෝටි 500 වන බව සඳහන් කරයි.
මේ අනුව පළමු රෙදි තොගය ලෙස සුදු කමිස සහ ගවුම් රෙදි මීටර මීටර මිලියන 2.4ක්, කලිසම් රෙදි 350031.5ක්, නිල් පාට කලිසම් රෙදි මීටර 150003.5ක් සහ සිවුරු මීටර 138134ක් ලෙසින් සම්පූර්ණ රෙදි මීටර මිලියන 3ක් මේ වනවිට නැව්ගත කර ඇතැයි තානාපති කාර්යාලය පවසයි.