සුරේශ් සලේ මේ ප්රහාරයේ මහ මොළකරු නම් පාර්ලිමේන්තු වරප්රසාදවලට යටත් වී බොරු නොකියා එළියට පැමිණ එම ප්රකාශ කරන්නැයි හිටපු මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සරත් වීරසේකර අද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මනුෂ නානායක්කාරට අභියෝග කළේය.
“සුරේෂ් ෂලේ මේ ප්රහාරයට සමබන්ධනම් ඒ සම්බන්ධව ඇවිත් සී.අයි.ඩී එකට කියන්න. එලියට ඇවිත් ඔහු විරුද්ධව නඩු දාන්න. මලමිනී උඩින් ගිහින් ජනප්රිය වෙන්න පාර්ලිමේන්තුවේ දි බොරු කියන් එපා.“
මා අභියෝගකරනවා විපක්ෂ නායකවරයාට සහ අනෙක් අයට, මෛත්රීපාල සිරිසේන ජනාධිපතිතුමා සම්බන්ධනම් ඔහුට විරුද්ධව සාක්ෂි තියනවා නම් නඩු දාන්න. නැතිනම් ඒ වැඩේ නීතිපතිතුමාට කරන්න දීලා කට වහගෙන ඉන්න.
මන්ත්රීවරයා කීවේ කොමිෂන් සභා වාර්තාවක නිර්දේශ කර තිබූ පමණින් එය උසාවි නියෝගයක් නොවන බවය. ඉදියේ දී මේ සම්බන්ධව නඩු පැවරෙන බවය. මරාගෙන මැරෙන්නට කලින් සහරාන් ගේ පැය දෙක හමාරක ප්රකාශයෙන් මේ ප්රහාරය අල්ලා වෙනුවෙන් සිදුකර ඇති බව තහවුරුවන බවත් එහි කිසිම දේශපාලන කුමන්ත්රණයක් නැති බවත් මන්ත්රීවරයා කීවේය.







