සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිංහරාජය පහරා ගොංගල වනසන මිතුරෙකුගේ නමින් ඇති යෝෂිතගේ හෝටලය…

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය හෙළි කරන පරිසර සංහාරයක කතාව....

by editor
අප්‍රේල් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සජීව චාමිකර –
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය –

2019 වසරේ දී සිංහරාජ අඩවියේ වනාන්තර සුරක්ෂිත කිරීම සඳහා ඉතා ම වැදගත් තීරණයක් ක්‍රියාත්මක කෙරින. ඒ 1988 වසරේ ජාතික උරුම වන භූමි පනත යටතේ සිංහරාජ අඩවියේ වනාන්තර හෙක්ටයාර 11187 ක් සිංහරාජ ජාතික උරුම වන භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ලබා දී තිබූ නීතිමය ආරක්ෂාව තව දුරටත් වර්ධනය කරමින් 2019 වසරේ දී වන සංරක්ෂණ ආඥා පනත යටතේ සිංහරාජ අඩවියේ වනාන්තර හෙක්ටයාර 36475 ක්, වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර සිංහරාජ අඩවියේ පෙර පැවති රක්ෂිත වනාන්තර ප්‍රමාණයට තවත් දෙගුණයකට වඩා වැඩි වනාන්තර ප්‍රමාණයක් එක් කිරීම ය.

නමුත් ඉන් පසු ව ගෙවී ගිය වසර දෙකකට වැඩි කාල පරාසය තුළ වත්මන් ආණ්ඩුව විසින් ගත් වැරදි තීන්දු තීරණවල ප්‍රතිඵලයක් ලෙස රක්ෂිත නොවන සුවිශේෂී වනාන්තර බිම් විශාල ප්‍රමාණයක් සිංහරාජ අඩවියට අහිමි වීම සිදු විය.

රක්ෂිත නොවන රජයට අයත් වනාන්තර ඉඩම් වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියේ පාලනයට යටත් කළ 5/2001 අංක දරන චක්‍ර ලේඛය ඉවත් කර එම ඉඩම් ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් යටතට පත් කිරීමේ 1/2020 අංක දරන චක්‍ර ලේඛය හා එම ඉඩම් මැනීම් කර සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට බලය පැවරූ 2/2021 අංක දරන චක්‍ර ලේඛය පදනම් කර ගෙන දේශපාලන බලය හා ව්‍යාපාරික බලය හිමි පුද්ගලයන් විසින් මහ පරිමාණයෙන් සිංහරාජ අඩවියේ පිහිටි රක්ෂිත නොවන වනාන්තර එළි කිරීම ආරම්භ කෙරින.

විධායක බලය යොදා මාර්ග  පුලුල් කිරීම

මීට අමතර ව සිංහරාජ අඩවියේ පිහිටි සුවිශේෂී මාර්ග දෙකක් පුළුල් කිරීම ද සිදු කෙරිනි. ඒ අතුරෙන් ලංකාගම මාර්ගය පුළුල් කිරීම මගින් බොහෝ ජනතාවකට මාර්ග පහසුකම් ලැබීම තුළින් යහපත් කාර්යයක් ඉටු වුව ද එම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය විධායක බලය භාවිත කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යුධ හමුදාව යොදවා බලහත්කාරයෙන් ඉදි කිරීම හා නිවැරදි සංරක්ෂණ උපායමාර්ග අනුගමනය නොකිරීම නිසා යම් යම් හානි කර තත්ත්වයන් උද්ගත ව තිබේ.

එපමණක් නොව පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමින් බලහත්කාරය භාවිත කර සිදු කළ මෙම සංවර්ධනය හේතුවෙන් මෙරට නීතියේ ආධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සම්පූර්ණයෙන් ම හෑල්ලුවට ලක් වී වැරදි පූර්වාදර්ශ සමාජගත වීම ද සිදු විය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

දෙවන මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සිදු කෙරෙමින් පවතින්නේ දෙනියාය – රක්වාන මාර්ගයේ හේයස් වත්ත හන්දියේ සිට ගොංගල කඳු මුදුන දක්වා ය.

යෝෂිතගේ හෝටලයට යන පාර

මෙම මාර්ගය සංවර්ධනය කිරීමේ ප්‍රධාන අරමුණ යෝශිත රාජපක්ෂට අයත් නමුත් ඔහු ගේ නමට නොමැති හෝටලයට පිවිසීමට ය. කාපට් අතුරා සකස් කරන කිලෝමීටර 7 ක් පමණ දිග මෙම මාර්ගයෙන් ගමන් කිරීමට ඇත්තේ ගොංගල කඳු මුදුනේ පිහිටි විවිධ මාධ්‍ය ආයතනවලට අයත් රූපවාහිනී හා ගුවන්විදුලි විකාශන කුළුණුවලට හා ආරක්ෂක අංශවල සංඥා කුළුණුවලට පමණි. මෙම මාර්ගයේ පහළ හේයස් වත්තේ කම්කරු ජනතාව පදිංචි ව සිටින වතු නිවාස සංකීර්ණයක් පමණක් පිහිටා තිබේ. ඊට අමතර ව මෙම මාර්ගයෙන් පිවිසිය හැකි වන්නේ මෙම හෝටලයට පමණි.

මෙම මාර්ගය සංවර්ධනය කරන බොහෝ ප්‍රදේශ සිංහරාජ වන රක්ෂිතයට අයත් වන අතර කිසිදු සංරක්ෂණ ක්‍රමවේදයක් හෝ පාරිසරික අනුමැතිය ලබා ගැනීමක් හෝ සිදු නොකර මෙම මාර්ගය ඉදි කෙරෙමින් පවතී.

මෙම මාර්ගය ඉදිවන හා යෝශිත රාජපක්ෂට අයත් හෝටලය පිහිටි සිංහරාජ අඩවියේ නැගෙනහිර කලාපය මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් ආවේණික සත්ත්ව විශේෂ අතුරෙන් වැඩි ම ප්‍රමාණයක් වාර්තා වන කලාපය යි. එම කලාපය හඳපාන් ඇල්ල, මෝර්නිග් සයිඩ්, ගොංගල හා එන්සල්වත්ත යන ප්‍රදේශවලින් සමන්විත වේ. මෙම කලාපයේ ජීවීන් වසර මිලියන ගණනක් හුදෙකලා ව පරිණාමය වී තිබේ.

බයට දුන්නු  ඉඩම්  

යෝශිත රාජපක්ෂට අයත් හෝටලය පිහිටා ඇත්තේ ගොංගල කන්දේ නැගෙනහිර බෑවුමේ සිංහරාජ වන රක්ෂිතයට ආසන්නයේ ය. රත්නපුර දිස්ත්‍රික්කයේ, කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බොරළුවාගේ අයින ග්‍රාම නිලධාරී වසමේ මෙය පිහිටා තිබේ. අක්කර 12 ක පමණ භූමි ප්‍රදේශයක පිහිටා ඇති මෙම හෝටලයේ මුල් හිමිකරු වන්නේ දෙනියායේ, ආසිරි කේක් ව්‍යාපාරයේ හිමිකරු වන රොෂාන් විජේසිංහ ය. ඔහුගෙන් බලහත්කාරයෙන් යෝශිත රාජපක්ෂ විසින් රුපියල් කෝටි 4 කට මෙම හෝටලය මිල දී ගෙන තිබේ. එය මිල දී ගෙන ඇත්තේ රාජපක්ෂ පවුලේ සේවකයකු ලෙස කටයුතු කරන රවිදු සොයිසා ගේ නමට බව වාර්තා වේ. දැනට එම හෝටලයේ පාලන කටයුතු සිදු කරනු ලබන්නේ ද ඔහු විසිනි.

අක්කර 12 ක භූමියක පිහිටි මෙම හෝටලය ලබා ගැනීමෙන් පසු ව ඒ ආසන්නයේ පිහිටි පෞද්ගලික ඉඩම් කිහිපයක් ම යෝශිත රාජපක්ෂ විසින් මිල දී ගෙන තිබේ. ඊට අමතර ව මතුරට වැවිලි සමාගමට අයත් හේයස් වත්තෙන් මෙම හෝටලය හා සම්බන්ධ ව පිහිටි තේ ඉඩම් අක්කර 20 ක් මෙම හෝටලයට නොමිලේ ලබා දී තිබේ. ඊට හේතු ව හෝටලය හා සම්බන්ධ සම්පූර්ණ වතු යාය අත්පත් කර ගැනීමට යෝශිත රාජපක්ෂ උත්සාහ දැරීම ය. ඒ තත්ත්වය පිටුදැකීම සඳහා ඊට විරුද්ධ ව කටයුතු කළ මතුරට වැවිලි සමාගමේ අධ්‍යක්ෂවරයකු විසින් ගත් තීරණයක් මත මෙම ඉඩම් කොටස හෝටලයට ලබා දී තිබේ.

ආරක්ෂාව නාවික හමුදා සෙබලුන්ගෙන්

පසුගිය කාලය තුළ මෙම හෝටලයේ සිදු කළ සියලු අලුත්වැඩියා කටයුතු හා නව ඉදිකිරීම් සියල්ල හා හෝටලයට ආරක්ෂා ව සැපයීම සිදු කරන්නේ නාවික හමුදාවේ සෙබලුන් විසිනි. එපමණක් නොව යෝශිත රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මෙම හෝටලයට පැමිණෙන විට නාවික හමුදාවේ නිලධාරීන් හා සෙබලුන් යොදවා විශේෂ ආරක්ෂාවක් ද ලබා දේ. මෙම හෝටලයේ හෙලිකොප්ටර් ගොඩබෑම සඳහා විශේෂ හෙලිකොප්ටර් අංගනයක් ද ඉදි කර තිබේ. එය ඉදි කර ඇත්තේ ප්ලාස්ටික් කාපට් ඇතිරූ පාපන්දු පිටියක ස්වරූපයෙනි.

යෝශිත රාජපක්ෂට අයත් මෙම හෝටලය මෑතක් වන තුරු ම පළමු හිමිකරු සඳහන් කර තිබූ සිංහරාජ ග්‍රීන් ඉකෝ ලොජ් (Sinharaja Green Eco Lodge) නාමයෙන් පවත්වාගෙන ගිය නමුත් අද වන විට එම නාමය සඳහන් පුවරුව ඉවත් කර හෝටලය දක්වා පිවිසීමට ඇති කිලෝමීටරයක් පමණ වන අතුරු මාර්ගය අලුත්වැඩියා කරමින් පවතී.

ඉවත් කර තිබුණේ මේ නාම පුවරුය..

අක්කර 1000ක් අත්පත් කරගැනීමේ  අවදානම

මෙම හෝටලයෙන් ඇති වෙමින් තිබෙන ප්‍රධාන අවධානම් තත්ත්වය වන්නේ ගොංගල කඳුවැටියට අයත් අක්කර 1000 ක වනාන්තර ප්‍රමාණයක් අත්පත් කර ගෙන මෙම හෝටලය හා සම්බන්ධ සමස්ත සංචාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලැසුම් සකස් කිරීමයි.

ඒ යටතේ ගොල්ෆ් ක්‍රිඩාංගනයක් හා කේබල් කාර් ව්‍යාපෘතියක් ඇතුළත් වේ. 2011 මාර්තු 01 වන දින අංක 1695/16 දරන ගැසට් නිවේදනය මගින් එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඔහුට ඇති බලතල භාවිත කර ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 27අ(4) උප වගන්තියට අනුව හේයස් වත්තට පවරා දී තිබූ අක්කර 2210 ක භූමි ප්‍රමාණයෙන් අක්කර 1000 ක් නැවත ඉඩම් ප්‍රතිසංස්කරණ කොම්ෂන් සභාව වෙත පවරා ගෙන තිබේ. මෙම සමස්ත වනාන්තර ප්‍රදේශය දැනට සිංහරාජ වන රක්ෂිතයට අයත් වේ. නමුත් මෙම හෝටලය හා සම්බන්ධ ව මෙම වනාන්තර ඉඩම් පිහිටා තිබීම නිසා රාජපක්ෂවරුන් ගේ බලය හා අධික කෑදරකම ඉදිරියේ එම වනාන්තර දැඩි අවධානම්කාරී තත්ත්වයක පවතී.

වැඩි කොටසක් සිංහරාජ වන රක්ෂිතය තුළින් විහිදී ඇති ගොංගල මාර්ගයේ සංවර්ධන කටයුතු හේතුවෙන් වනාන්තර පද්ධතියට හා ජෛව ප්‍රජාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ. මාර්ගය පුළුල් කිරීම හා පස් ලබා ගැනීම සඳහා කැනීම් කිරීම හේතුවෙන් වනාන්තර පද්ධතියට දැඩි හානි සිදු කර තිබේ.

හෝටලය පිහිටි භූමිය…

ගොංගල වන දහනේ විශේෂත්වය

ගොංගල වනාන්තරයෙන් මුළු ලොවින් ම මෙම කලාපයේ පමණක් ජීවත් වන උරග හා උභයජීවී විශේෂ ගණනාවක් වාර්තා වේ. එම විශේෂ සියල්ල ම වඳවීමේ තර්ජනයට ලක් වූ ඉතා ම සීමිත ව්‍යාප්තියක් ඇති විශේෂ වේ. මීට අමතර ව මෙතෙක් විද්‍යාත්මක ව නාමකරණයට ලක් නොකළ ගොන්ගල කන්ඳ ඇතුළු සිංහරාජ අඩවියේ නැගෙනහිර කලාපයේ පමණක් ජීවත් වන ලක් හීරළු (Lankascincus) ගනයට අයත් හිකනළුන් විශේෂයක් ද මෙම ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම කලාපයේ පමණක් වාර්තා වන ලංකාවට ආවේණික ගනයකට අයත් වන කරූ ගේ අඟ කටුස්සා (Ceratophora karu) සහ අර්ඩලන් ගේ අඟ කටුස්සා (Ceratophora erdeleni) ගොංගල කන්ඳෙන් වාර්තා වේ. මීට අමතර ව මෙම කලාපයට ආවේණික දසිල්වා ගේ පදුරු කටුස්සා (Calotes desilvai) හා මෝර්නිග් සයිඩ් මහ කැලෑ හූනා (Cyrtodactylus subsolanus) මෙම ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙරටට ආවේණික ගනයකට අයත් වන කුඩා මැඩිල්ලා (Aspidura guentheri) ද මෙම වනාන්තරයෙන් වාර්තා වෙයි.

මෙම කලාපයට ආවේණික උභයජීවීන් වන පළා පඳුරු මැඩියා (Pseudophilautus femoralis), හඳපාන් ඇල්ල පඳුරු මැඩියා (Pseudophilautus lunatus), රන්වන් ඇස් ඇති පඳුරු මැඩියා (Pseudophilautus ocularis) හා සිංහරාජ පඳුරු මැඩියා (Pseudophilautus simba) යන විශේෂ ඉතා ම සංවේදී ගොංගල කන්ඳේ උප කඳුකර වැසි වනාන්තර තුළින් වාර්තා වේ. මීදුමෙන් නිතර වැසී පවතින මෙම වළාකුළු වනාන්තර සහිත ප්‍රදේශ තුළ සිදු කෙරෙන මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත. ඒ නිසා ම කිසිදු සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමකින් තොර ව ඉතා ම හානි කර ලෙස මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතී. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ ව සොයා බැලීමක් මේ වන තුරුත් සිදු කර නොමැත.

ගොංගල   අනාගත ඉරණම

මෙවන් තත්ත්වයක් තුළ අනාගතයේ දී ගොංගල කඳුවැටියට කුමන ඉරණමකට මුහුණ දීමට සිදු වේ ද යන්න සිතා ගැනීමට අපහසු ය. බෙවර්ලි වත්තේ සිට සූරියකන්ඳ දක්වා පැතිරුණු මෙම කඳුවැටිය මාතර දිස්ත්‍රික්කයේ, කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කන්දිල්පාන හා විහාරහේන යන ග්‍රාම නිලධාරී වසම් දෙකට හා රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උල්ලිදුවාව හා බොරළුවාගේ අයින යන ග්‍රාම නිලධාරී වසම් දෙකට අයත් වේ. පනිල්කන්ඳ හා සම්බන්ධ ව ඇති මෙම කඳුවැටි පද්ධතියෙන් ගිං, නිල්වලා, වලවේ හා කළු ගංගා පෝෂණය වෙයි. මේ නිසා මෙම ප්‍රදේශයේ සමස්ත ආර්ථිකය රැදී ඇති තේ වගාව සුරක්ෂිත වී ඇත්තේ මෙම ජල පෝෂක වනාන්තර පද්ධතිය මත ය.

නමුත් මේ සියල්ල දේශපාලන බලය මත සොබාදහමේ සියලු ජීවී ප්‍රජාවන්ට අහිමි කරමින් දේශපාලන බලය හිමි පුද්ගලයන් අතට පත් කර ගනිමින් තිබේ. වත්මන් හා අනාගත පරපුරේ පැවැත්ම වෙනුවෙන් මේ කඳුවැටිය, ජල පෝෂක වනාන්තර පද්ධතිය හා එහි ජෛව ප්‍රජාව ආරක්ෂා කර ගැනීමට කිසිදු රාජ්‍ය ආයතනයක් මැදිහත් වී නොමැත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ මධ්‍යම පරිසර අධිකාරිය හෝ මේ විනාශය මැඩපැවැත්වීම සඳහා කිසිදු ආකාරයක මැදිහත්වීමක් සිදු කර නොමැත. මුළු ලොවින් ම සිංහරාජ අඩවියේ නැගෙනහිර කලාපයේ පමණක් දිවි ගෙවන ජීවීන්ට සිදු වන විනාශය පිළිබඳ ව සොයා බැලීමට රාජ්‍ය ආයතනයක් නොමැති තත්ත්වයකට අද වන විට අප රට පත් ව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් ලෙස ජෛව විවිධත්ව සම්මුතියට අත්සන් තබා ඇති අප, තිරසර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් කටයුතු කරන අප, ජල පෝෂක බිම්, වනාන්තර පද්ධති, එහි ජෛව විවිධත්වය හෝටලයකට පිවිසීමට හා එහි සංචාරක ව්‍යාපෘතිය සඳහා මාර්ග සකස් කිරීමට විනාශ කළ හැකි මට්ටමට පත් ව සිටීම කනගාටුවට කරුණකි. රටේ ජනතාවගේ මුදල් බිලියන ගණනින් කොල්ලකා, එම මුදල්වලින් හෝටල් මිල දී ගෙන, ඒවා පවත්වාගෙන යාමට ස්වාභාවික සම්පත් විනාශ කරමින් රජයේ බදු මුදල් වලින් එම හෝටල්වලට පිවිසීමට මාර්ග සකස් කර ගනිමින්, එම හෝටලය ඉදි කිරීමට හා ආරක්ෂාව සැපයීමට ජනතාව ගේ බදු මුදල් වලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයන් යොදා ගනිමින් සිදු කරන මෙම සමස්ත විනාශකාරී ක්‍රියාවලිය ම නතර කළ යුතු ව ඇත. එය පුරවැසියන් වන අප සැම ගේ යුතුකමකි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගෑස් මිල ඉහළ දැමීමේ තීරණය රිවස් වේ…

Next Post

මනුෂට හිටපු පොලිස් ඇමතිගෙන් අභියෝගයක්… පුලුවන්නම් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සුරේෂ් සලේ බව එළියට ඇවිත් කියන්න….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.