දිනසේන රතුගමගේ –
තලෙයිමන්නාරම ප්රදේශයේදී අවුරුදු නවයක දැරියක් දූෂණය කොට මරා දැමූ සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාවෙන් මිදී ඊයේ (2 ) පලා ගොස් තිබේ.
මීට මාස තුනකට ඉහතදී සිදු වූ මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුව අත් අඩංගුවට ගෙන වවුනියාව බන්ධනාගාරයේ රඳවා සිටියදී හදිසියේම ඔහු අසනීප වීම නිසා වවුනියාව මහ රෝහලට ඇතුළත්කර ඇත. ඉන් පසුව ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාවෙන් මිදී පලා ගොස් තිබේ.
පලාගිය සැකකරුව තවමත් අත් අඩංගුවට ගැනීමට නොහැකි වු නිසා පොලීසිය හා බන්ධනාගාර නිලධාරීන් ඔහුව සොයා ගැනීම සඳහා මහජන සහය පතා ඇත.
අබ්දුල් රහ්මාන් හෙවත් කන්දිය විජයන් නැමති මෙම සැකකරු පිළිබදව යම් තොරතුරක් ඇත්නම් වහාම වවුනියාව පොලිසියට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කොට තිබේ.