පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ අද ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ විරෝධතා පැවැත්වෙන අතරතුර මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා විසින් පහර දීමට තැත් කිරීමක් සිදුව තිබේ.
එහිදී සෙසු මන්ත්‍රීවරුන් විසින් එය වලක්වා ඇත.
පාර්ලිමේන්තුව අද රැස් වන අවස්ථාවේදී විපක්ෂ සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දෙපාර්ශ්වයම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට සුදානමින් සිට තිබේ.
විපක්ෂය විසින් කළු ඇඳුම් ඇඳ විරෝධතාවක් සූදානම්ව පැමිණි බව දුටු වහාම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පරිගණක මුද්‍රිත බැනර් සකසාගෙන විරෝධතාව අරඹා ඇත.
විපක්ෂයේ කළු ඇඳගෙන ආ මන්ත්‍රීවරුන්ට විරෝධය පළ කරමින් ආණ්ඩු පක්ෂයෙන් ද බැනර් ඔසවමින් විරෝධය දක්වා සිටියේ පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් සිටින්නේ විපක්ෂයේ වන අතර ඒ වළක්වා ගැනීමට නොහැකි වූ බව පවසමිනි.







