අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයුක්තිය වෙනුවෙන් සියල්ල අත්හරින්න සූදානම් කියා කිරුළ ගැලවූ රැජන… කැරොලයින් ජූරි

by editor
අප්‍රේල් 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක විවාහක රූ රැජන තෝරන්නෙ ඇමරිකාවේ කැලිෆෝනිය නුවර මිසිස් වර්ල්ඩ් සමාගමය. එම සමාගම වර්ෂ 2020 – 21 වසර සඳහා ලෝක විවාහක රූ රැජන ලෙස තෝරාගෙන සිටියේ අපේ කැරොලයින්ය. කැරොලයින් ජූරිය.

කැරොලයින් කිරුළ අත් හැරියාය.  ලංකාවේ විවාහක රූ රැජන තේරීමේ තරගය තුළ සිදුවූ  සිදුවීම් මාලාව අවසානයේ ප්‍රකාශයට පත්වූයේ විවාහක රූ රැජන ලෙස කිරුළු පලන් පුෂ්පිකා ද සිල්වාට පැළඳූ කිරුළ කැරොලයින් ජූරි විසින් ඉවත් කිරීමෙනි.  එය විවාහක රූ රැජනකට නුසුදුසු ක්‍රියාවක් බව විවේචන එල්ල වූයේය.

ඒ අතර කැරොලයින් වීඩියෝවක් නිකුත් කළාය. නිකුත් කර තමන් නිවැරදි බව ලෝකයට කීවාය. අවසානයේ දී ඇය  ප්‍රකාශ කලේ තමන් සාධාරණය වෙනුවෙන් පෙනී  සිටිය බවය. යුක්තියේ නාමයෙන් තමන් ඉල්ලා අස්වීමට සූදානම් බවය. එසේ පවසමින් ඇය කිරුළ ඉවත් කළාය.

මේ සංඥාව ඔස්සේ ඇමරිකාවේ මිසිස් වර්ල්ඩ් සමාගම ඇය වැරදිකාරිය බව සඳහනක් නොකර කැරොලයින් ඉල්ලා අස්වූ බව ඔවුන් වෙත දැනුම් දුන් බව ප්‍රකාශ කළේය.  හිස්තැන දෙවැන්නාගෙන් පුරවන බවත් නිවේදනය කළේය.  කැරොලයින්ට සුබ පතමින් සුබවාදී ලෙස ප්‍රශ්නය නිමා කළේය.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

මේ අනුව ඉදිරි මාස හත තුළ කැරොලයින් ලෝක විවාහක රූ රැජන ලෙස අත්සන් කර තිබූ සියලු කොන්ත්‍රාත් වලින් ඉවත් වන්නීය. ලබන දෙසැම්බර් 21 දින කොළඹ දී පැවැත්වෙන 2021 ලෝක විවාහක රූ රැජනට කිරුළු පැළඳීමේ අවස්ථාවද ඇයට අහිමි වන්නේය.

කේට් ෂිනයිඩර්

කැරලයින් ජූරි විසින් දැරී 2020 ලෝක විවාහක රූ රැජන කිරුළ එම තරගයේ දෙවැනි ස්ථානය දිනූ අයර්ලන්තයේ කේට් ෂිනයිඩර් වෙත පිරිනැමීමට කටයුතු  කරනු ලැබුවේය.

එහෙත් මෙහි ඇති ගැටලුව පෙනෙනවාට වඩා සංකීර්ණය. එහි යථාව පසුගිය සතියේ මෙම තරගයට සහභාගී වී අවසන් වටයට තේරුණු තරගකාරියන් 20 දෙනා මාධ්‍ය වෙත පැමිණ ප්‍රකාශ කළේය.

පුෂ්පිකා ද සිල්වා වෙනුවෙන් තරග ඉසවු ඉවත් කිරීම, ඇය විවාහක රූ රැජන කිරීම සඳහා සැලසුම් කරගෙන කටයුතු කිරීම,  පුරා වසර හතරක් සැමියාගෙන් වෙන් වී දික්කසාදයේ අවසන් අදියර උසාවියේ පවතිද්දී දික්කසාද  තීන්දුව ලබා ගැනීමට නොයා උසාවිය මග හැරීම, ඇතුළු කාරණා ගණනාවක්  නිසා සියලු තරගකාරියන් වික්ෂිප්තව සිටි ආකරය හෙළි විය.  විවාහ ජීවිතයක් නැති විවාහක රූ රැජන එම තරගය අවසන් වී දික්කසාද සහතිකය ලබා ගැනීමට සූදානම් වී සිටීමේ සදාචාරය පිළිබඳව ඔවුහු ප්‍රශ්න කළහ.

ඔවුන් කියා සිටියේ කැරොලයින් ජූරි තරගයේ මුල සිටම ඔවුන්ට ශපථ වූයේ කිසිවෙකුට අසාධාරණයක් වන්නේ නම් තමන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනබවත් කී ලෙසම ඇය සියල්ල අත්හැර අයුක්තිය හා අසාධාරණය වෙනුවෙන් පෙනී සිටි බවත්ය.

දැවැන්ත දේශපාලන බලයක් සහිතව මේ වනවිට පුෂ්පිකා ද සිල්වා දේශපාලන වේදිකාවේ හැසිරෙමින් සිටින්නීය. ඇයගේ සැමියා වූ තිලංක දාබරේරා සමාජ මාධ්‍යය ඔස්සේ කියා තිබුණේ දික්කසාද නඩුව අවසන් කිරීමට නොපැමිණෙන පුෂ්පිකා උසාවිය මග හරින බවය.

“ ඇය මාව දාල නොගියා නම් මමත් විවාහක සැමියෙක් වෙන්න තිබුණා.“ ඔහු පවසා තිබිණි.

අසාධාරණයට ලක් වූ බව ප්‍රකාශිත විවාහක රූ රැජන තරගයේ අවසන් වටයේ තරගකාරියන් පැවැත්වූ මාධ්‍ය හමුව

 

මෙයත් කියවන්න….

අසාධාරණයට ලක්වූ රූමතියෝ එදා වෙච්චි දේ ලෝකයට කියති…

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හමුදා සෙබලුන් යටකොට පලා ගිය කැබ්රථ රියදුරු අත්අඩංගුවට…

Next Post

මන්ත්‍රී හරින්ට පාර්ලිමේන්තුවේදී පහර දීමේ තැතක්

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.