දිනසේන රතුගමගේ –
වවුනියාව ඕමන්ත මාර්ග බාධකයකදී කැබ් රථයකට යට කොට යුද හමුදා සෙබලුන් දෙදෙනෙකුට තුවාල සිදු කළ කැබ් රථයේ රියදුරු ඕමන්ත පොලීසිය විසින් අද ( 21) අත් අඩංගුවට ගෙන තිබේ.
අදාල කැබ් රථයේ අයිතිකරු විසින් වෙනත් පුද්ගලයෙකුට මාසික කුළී පදනම මත මෙම කැබ් රථය ලබා දී තිබූ අතර කුළියට ගත් කැබ් රථයෙන් සිදු කොට ඇත්තේ නීති විරෝධී දැව ප්‍රවාහනය කිරීම බව පොලීසිය කළ විමර්ශන වලදී හෙළි වී ඇත.
පසුගිය 17 දා උදෑසන යුද හමුදා සෙබලුන් දෙදෙනෙකු කැබ් රථයට යට කොට සැකකරු පලාගොස් තිබුණේද හමුදා භටයින් එම කැබ් රථය නතර කරණ ලද අවස්ථාවේදී ඒ තුළ නීති විරෝධී බුරුත කදන් 16 ක් තිබූ බැවිනි.
අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 ක තරුණයෙකු වන අතර ඔහුව වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඕමන්ත පොලීසීය පියවර ගෙන තිබේ.







