අසේල කුරුළුවංශ –
දවුලගල පොලිස් වසමේ අලපලාවල ක්‍රීඩාංගණයේ දී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍යයක් එන්නත් කරගත් තරුණයින් තිදෙනෙකු අතරින් එක් අයෙකු ඊයේ (20) පස්වරුවේ මියගොස් තිබේ.
අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තරුඳු ලක්ෂාන් කුමාර නැමැති 24 හැවිරිදි තරණයා මාම්පිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට සඳහා රැගෙන යන අතරමගදී මියගොස් තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව ඇත.
මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ නීති වෛද්‍ය නිලධාරි පාලිත බණ්ඩාර සුබසිංහ විසින් සිදුකරනු ලැබ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් වාර්තාවක් ලබා ගැනීම සඳහා ශරීර කොටස් රස පරීක්ෂක වෙත යොමුකර තිබේ.
මියගිය තරුණයා සමඟ මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන විෂ රසායනික ද්‍රව්‍ය එන්නත් කරගත් අනෙක් තරුණයින් දෙදෙනාගෙන් පොලීසිය අද (21) දහවල් වනතුරුත් ප්‍රකාශයක් සටහන් කර නොගැනීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරය ආසන්නයේ දී දැඩි විරෝධයක් එල්ල කර ඇත.
මියගිය පුද්ගලයා තවත් තරුණයින් දෙදෙනෙකු සමඟ යම් ද්‍රව්‍යයක් එන්නත් කරගනු දුටු බව 16 හැවිරිදි පාසල් සිසුවෙකු ප්‍රකාශ කර තිබේ.
දවුලගල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු තරුණයින්ට මත්පෙති අළෙවි කරන බවටද චෝදනා කරන ප්‍රදේශවාසීන් ඒ සම්බන්ධයෙන් පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට ද චෝදනා කරති.
මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය එන්නත් කර ගැනීමෙන් පසු මියගිය තරුණයාට හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවක් ඇතිව තිබෙන බවත් එම අවස්ථාවේ එක් තරුණයෙකු එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය අද (21) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබිණි.







