බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිච් එක මැද මරණය සලකුණු කර වෛරය යාවත්කාලීන කිරීම…

by editor
දෙසැම්බර් 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

උන් වෛරය සහ ක්‍රෝධය යාවත්කාලීන කරමින් සිටිති. තම පරම්පරාවෙන් අනාගත පරම්පරාව වෙත ඒ ව්‍යසනයේ දුර්භාග්‍යය ලෝකය ඉදිරියේ දී ඉන්දියාව සහ පකිස්ථානය විසින්  භාර දුන් ආකාරය වේදනාවෙන් බලා සිටියෙමු.

මේ අවුරුදු 19ට අඩු දරුවන්ය. නව යොවුන් දරුවන්ය. ක්‍රීඩාවකින් ඔවුන් ශික්ෂණය කළ යුත්තේ අවෛරී අනාගත ලෝකයක් වෙනුවෙනි. එහෙත් මේ තරගයත් යුද්ධයක දෙවැනි රූපණයක් වූ අයුරු දුටුවෙමු.  මේ තුච්ච අමනුස්සකම ආරම්භ කළේ ඉන්දියාවය. ඒ ආසියානු කුසලාන තරගාවලියේ දී පකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අත දීම සහ ක්‍රීඩාවෙන් අනතුරුව අපේක්ෂිත සහජීවනය සම්බන්ධ ධර්මතාවයේ ප්‍රකාශනය විනාශ කරමිනි.

අවසානයේ දී ආසියානු ශූරතාවය පහල්ගම් හි යුධ වීරයින්ට ප්‍රදානය කරන බව නායක සූර්යකුමාර් යාදේව් ප්‍රකාශ කළේය. පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පමණක් නොව ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ද ප්‍රධානියාවන පකිස්තාන අමාත්‍ය මෙහොමඩ් නක්වි අතින් ශූරතාවය ලබා ගැනීමද  ඉන්දියාව ප්‍රතික්ෂේප කළේය. ලෝකයේ එක ක්‍රිකට් පකීර් කෙනෙක් කටක් ඇරියේ නැත. ඉන්දියාව හැසිරුනේ  මහත්තුරුන්ගේ ක්‍රීඩාව දෙකට නවා පස්සපැත්තේ ගහගෙනය. මෙවැන්නක් තමන් අපේක්ෂා නොකළ බව පකිස්ථාන නායකයා ලෝකයට කීවේය. එතැන් පටන් ඒ ජඩ හැසිරීම ක්‍රිකට් පිටියේ ඉන්දියාව සහ පකිස්ථානය හමුවන සෑම අවස්ථාවකම රූපණය විය.

අද එය ඉන්දියාවේ ක්‍රිකට් ළමයි ද යාවත්කාලීන කළේය.  ඉන්දීය තරුණ ක්‍රීඩකයින් පරාජයෙන් අනතුරුව ක්‍රීඩාංගනයට පකිස්ථාන ක්‍රිඩකයින්ට අතරට අත දෙනවා තබා පෙනෙන්නටවත් හිටියේ නැත.

මහ උන් ක්‍රිකට් යුද්ධයේ ප්‍රකාශනයක් කළේය.  උන් වෛරය වැපිරුවා පමණක් නොව ආසියානු කුසලානය යුද්ධයට භාර කළේය. ගැහැණුන්ගේ තරගයේ දී හෝ   මේ කුළල් කා ගැනීම නතර වනු ඇතැයි සිතුවෙමු. එහෙත් කාන්තා ආසියානු කුසලානයේ දී ද සිදුවූයේ වෛරය වැපිරීමකි. ක්‍රීඩිකාවන් ක්‍රිකට් ගැසූ බව සැබෑය. උන්ගේ මුහුණට මුහුණ බැලුවේ නැත. අතට අත දෙනු තබා දෙඇස් එකට ගැටෙන්නට ඉඩ පවා අහුරා තිබුණේය.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

එත් අද පිටියේ හමුවන්නේ දරුවන්ය.  දරුවන්ගේ තරගාවලිය අවසන්වනවිට ආසියාව ලෙස අප අපේක්ෂා කලේ මීට වඩා වෙනස් අවසන් ප්‍රතිචාරයකි. දරුවන් වෛරය සහ ක්‍රෝධය ජාතියක් ලෙස යාවත්කාලීන කරගෙන පැවතීම ක්‍රීඩාව තුළින් නිරූපනය නොකරනු ඇතැයි අපි සිතුවෙමු. එය සිදුවූයේ නැත. පරාජිත ඉන්දියානු කණ්ඩායම පකිස්ථානයේ ක්‍රිකට් සභාපති මෙන්ම ආසියානු ක්‍රිකට් සභාපති මොහොමඩ් නක්විගේ මුහුණවත් නොදකින සේ පැමිණ සිය ත්‍යාගයන් අඩු ගෞරවයකින් යුතුව ලබා ගන්නා ආකාරය දුටුවෙමු. ත්‍යාග ප්‍රධානෝත්සවයේ දී ජාත්‍යාන්තර මාධ්‍ය ඉදිරියේ ඉන්දීය නායකයා හැසිරෙන්නේ  අනාගත තරුණ නායයෙකුට නොතරම් පහත් උද්දච්ඡ විලාශයකිනි.

මේ ක්‍රිකට් තව දුරටත් ක්‍රිකට් නොවන බව වේදනාවෙන් ලියා තබමු. ඉන්දියාව විසින් අවුලුවා දැන් පකිස්ථානය විසින්ද පවත්වාගෙන යන මේ මිනීමරු තුච්ඡ ආකල්ප ක්‍රීඩාව විනාශ කරනු පමණි. අවසානයේ දී මුන් යුද්ධයක් මිස ක්‍රීඩාවක් කර නැත.

තුප්පහි හිගන්නන් මහත්වරුන්ගේ ක්‍රීඩාව මත රුධිර සලකුණු තබනු පමණක් නොව, ඒ රුධිරයේ මිල අනාගතය වෙනුවෙන් පිච් එකක් මැද යාවත්කාලීන කරනු දැකීම ලෝකයක් ලෙස ප්‍රතික්ෂේප කළ යුතු බව විශ්වාස කරමි.  ක්‍රීඩාවේ ජීව ගුණය උත්කර්ෂයට නැන්විය නොහැකි නම් උන් ක්‍රීඩාවට අවශ්‍ය නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පකිස්ථාන තරුණයෝ ඉන්දියාව පොළොවේ ගසති… ආසියානු 19න් පහළ ශූරතාවය පකිස්ථානයට… ඉන්දියාවට ලකුණු 191ක පරාජයක්!

Next Post

මත්ද්‍රව්‍ය එන්නත් කරගත් 24 හැවිරිදි තරුණයෙක් මිය යයි!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.